2024 දී බොර තෙල් නැව් තුනක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසරේ, බොර තෙල් නැව් තුනක් මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව ලබන වසරේ ජනවාරි 15 වන දින සිට 2024 ජූනි 14 වන දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 3ක් 100%ක් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය යටතේ මිලදී ගැනීම වෙනුවෙන් මෙම මිල දී ගැනීම සිදුකෙරෙනු ඇත.

එහිදී, දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා ලංසු කැඳවා ඇති අතර, එයට ලංසු දෙකක් ලැබී ඇත. එම ලංසු අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte.Ltd සමාගම වෙත පිරිනැමීමට, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත.

තවද, 2024 ජනවාරි 15 වන දින සිට 2024 ජූනි 14 වන දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 3ක් දින 30කින් ගෙවීමේ පදනම මත ණයවර ලිපියක් මඟින් මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා ද ලංසු 3ක් ලැබී ඇති අතර, එම ලංසු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය මත පදනම්ව M/s Coral Energy DMCC, UAE සමාගම වෙත පිරිනැමීමට අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...