ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අද මෙරටට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට එක්වීම සඳහා , ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අද (01) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

හෙට (02) දින පැවැත්වීමට නියමිත එම ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය නිර්මලා සිතාරාමන් මහත්මිය විසින් සිදුකිරීමට නියමිත බවත් , අනතුරුව ඇය ත්‍රිකුණාමල‍යේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

පසුව ඇය යාපනයේ සහ මහනුවර යන ප්‍රදේශවලද සංචාරයන්හි නිරතවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සමඟ නිර්මලා සීතාරාමන් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මෙරට ආගමික ස්ථානවල සූර්ය බලපද්ධති සවිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සමඟ අත්සන් කිරීමේ අවදාවටද ඇය සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...