ජෝ බයිඩන්ගෙන් ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජුට දුරකථන ඇමතුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සමග දුරකථන ඇමතුමක් ලබා දෙමින් ගාසා තීරයට ආධාර සැපයීම ගැන සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් වන අනෙකුත් ප්‍රධාන කරුණු අතර, ගාසා තීරයේ සහ ගැටුම්කාරී ප්‍රදේශයන් සඳහා ආධාර ලබාදීම වේගවත් කිරීමේ ක්‍රම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවද වාර්තා වේ.

ඊශ්‍රායලය තම පුරවැසියන් ආරක්ෂා කරන අතර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන බැවින් සිවිල් ජීවිත ආරක්ෂා කිරීමේ සහ ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කරන බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

එහිදී පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටතදී බලහත්කාරයෙන් අවතැන් නොකළ යුතු බවට එකඟ වූ ජනාධිපතිවරයා, ස්වාධීන පලස්තීන ජාතියක් නිර්මාණය කිරීම ඇතුළත් කල්පවත්නා සහ තිරසාර සාමයක්ද ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...