ෂීක් හසීනාට එරෙහිව බංග්ලාදේශයේ දේශපාලන ප්‍රචණ්ඩත්වය උග්‍ර වේ

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ජනවාරියේ මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ළං වීමත් සමඟ දේශපාලන ප්‍රචණ්ඩත්වය උග්‍ර ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

අගමැති ෂීක් හසීනාට හා ඇයගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP)ට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් අගනුවර විශාල රැළියක් පැවැත්වුන අතර මෙය බංග්ලාදේශයේ විපක්ෂය විසින් සංවිධානය කර තිබිණි.

මෙයට දස දහස් ගණනින් විශාල ජනකායක් ඒකරාශී වූ අතර ඔවුන් පොලිසියට, මාධ්‍යවේදීන්ට, රෝහල්වලට, ගිලන්රථවලට සහ අගවිනිසුරුවරයාගේ සහ අනෙකුත් විනිසුරුවරුන්ගේ නිවෙස්වලට පහර දෙමින් අවුල් ජාලාවක් ඇති කරනු ලැබිය. මේ හේතුවෙන් ආධාරකරුවන් දෙදෙනෙකු මියගිය අතර තත්වය පාලනය කිරීම වෙනුවෙන් පොලිසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ තිබිණ.

හසීනා මහත්මිය 2009 ජනවාරි මාසයේදී දෙවන වරටත් බලයට පත් වූ අතර එතැන් සිට පුළුල් ලෙස ඡන්ද මංකොල්ලකෑම් පිළිබඳ චෝදනා එල්ල වී තිබුණද ඇගේ පක්ෂය තවත් මැතිවරණ දෙකක් ජයග්‍රහණය කර ඇත. රට තුළ මේ වනවිට උද්ධමනය 9.6% කින් ඉහල ගොස් ඇති අතර වැඩිවන ජීවන වියදම, විශේෂයෙන් ආහාර මිල ඉහළ යාම බංග්ලාදේශ වැසියන් අතර නොසන්සුන්තාවයන් ඉහල යාමට හේතු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය රජයෙන් ඉල්ලා තිබුණේ, යමයෙන් කටයුතු කරන ලෙසත්, සියලුම බංග්ලාදේශ ජාතිකයින් සඳහා මානව හිමිකම් සම්පුර්ණයෙන්ම තහවුරු කරන ලෙසත්ය.

බංග්ලාදේශයේ මේ වන විට සයිබර් ආරක්ෂණ පනතක් ක්‍රියාත්මක වන අතර එමඟින් මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන්ට එරෙහිව විවේචකයන් නිහඬ කිරීමට සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම මැඩපැවැත්වීමට මෙම පනත යොදාගෙන තිබේ. මෙය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...