චෙක් ජනරජයෙන් ආ කැපිබරාවෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සත්ව හුවමාරු යෝජනා ක්‍රමය යටතේ චෙක් ජනරජය විසින් ශ්‍රී ලංකාවට කැපිබරා Capybaras යුවලක් ලබා දී ඇත.

දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දී ඇති මෙම කැපිබරාවන් දකුණු ආසියාතික රටවල ජීවත් වන දුර්ලභ සත්ත්ව විශේෂයකට අයත් මීයන් වර්ගයක් බව සඳහන් වේ.

මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික නොවන බවත්, හොඳින් වැඩුණු සතෙකු අඩි හතරක් පමණ උසැති බවත් සත්වෝද්‍යානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

කැපිබරා වසර හයක් පමණ ආයු කාලයක් ඇති ශාක භක්ෂක සතුන් බවත්, මෙම විශාල මීයන් Hydrochoerus කුලයට අයත් බවද සඳහන් වේ.

සත්වෝද්‍යානයට හඳුන්වා දුන් මෙම සතුන් දෙදෙනාගේ නිරෝධායන කාලය අවසන් වී ඇති බවත් , ඔවුන් මහජන ප්‍රදර්ශනයට සූදානම් බවත් , සත්වෝද්‍යාන තොරතුරු සඳහන් කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...