ඇ.ඩො.58,000ක් වටිනා ඖෂධ ආධාර බංග්ලාදේශයෙන්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරි සතියේ බංග්ලාදේශය විසින් මෙරටට ලබාදෙන අමෙරිකානු ඩොලර් 58,000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ලැබීමට නියමිත බව සඳහන් වේ.

මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග පැවති හමුවකදී පවසා ඇත්තේ, එම ඖෂධ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 54ක්ද ඇති බවයි.

එමෙන්ම පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ ද ඒ අතර ඇති බවද මහකොමසාරිස්වරයා පවසා ඇත.

තව දුරටත් බංග්ලාදේශ මහකොමසාරිස්වරයා පවසා ඇත්තේ, බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අමෙරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී ලැබීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානය සඳහා පියවර ගැනීම පිළිබඳව බංග්ලාදේශ රජයට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ස්තූතිය පළ කර ඇත,

මෙරට ඖෂධ හිඟයට පිළියමක් ලෙස දෙරට අතර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගුකාලීන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද බංග්ලාදේශ මහකොමසාරිස්වරයා සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...