ලෝක කුසලාන තරග හතරකට ක්‍රීඩා කළ ටිම්ගේ බැල්ම ශ්‍රී ලංකා පාපන්දුවට

ටිම් කාහිල් 2006,2010,2014 සහ 2018 වසරවලදී ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ලෝක පාපන්දු සූරතාවලියට සහභාගි වූ ක්‍රීඩකයෙකි.එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට නායකත්වය දුන් තරග 108 දී ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ගෝල 50 ක් රැස් කර ගත් එරටින් බිහි වූ සුපිරිතම මැද පෙළ ක්‍රීඩකයෙකු වේ.
ඔලිම්පික් තරග මෙන්ම ආසියානු පාපන්දු සූරතාවලිය සඳහා සිව් වරක් ඔස්ට්‍රේලියාව නියෝජනය කරන්නට වරම් ලද ටිම් කාහිල් මේ වන විට 43 වන වියේ පසුවන ලෝකයේ පාපන්දු කේෂ්ත්‍රය තුළ ජනප්‍රිය චරිතයක් බව අවිවාදිතය.


කාහිල් මේ මොහොතේ ලාංකේය පාපන්දුවට අතිශයින් වැදගත් චරිතයක් හැටියට ස්ථාපිත වෙමින් සිටියි.ඒ ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයාගේ ප්‍රධාන උපදේශක ලෙස සහ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි ලෙස ශ්‍රී ලංකා පාපන්දුව සමඟ එක්වීමට එකඟතාවය පළ කර ඇති නිසාය.ඒ අනුව ශ්‍රි ලංකා පාපන්දු සභාපතිගේ උපදේශක ලෙස Aspire පාපන්දුව පෙරට ව්‍යාපෘතිය වඩාත් පළල් ලෙස ආරම්භ කිරීමට ටිම් ගේ දායකත්වය ඉදිරියේදී ශ්‍රී ලංකා පාපන්දුවට සහ පාපන්දු සභාපතිවරයාට ලැබෙනු ඇත.
Aspire පාපන්දු ව්‍යාපෘතිය යටතේ ටිම් ගේ දායකත්වය ශ්‍රී ලංකාවට දිනා ගැනීම සඳහා ටිම් කාහිල් හමුවීම සිඳු වූයේ ශ්‍රි ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් සහ උප සභාපතිවරුන් වන රංජිත් රොද්‍රිගෝ සහ මනිල් ප්‍රනාන්දු එක්වය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...