කිරි ගොවියා නගා සිටුවන්න IESC වෙතින් සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගිතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) විසින්, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට සහයෝගය පළ කර ඇත.

මෙම කටයුතු පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ,කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ,එම අවස්ථාවට IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinchමහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

විශේෂයෙන් අප රටේ දිනකට ලීටර් 100ක් පමණ කිරි නිෂ්පාදනය කරන කුඩා පරිමාණ කිරි ගව පාලනය කරන ඒකකවල ධාරිතාවය ඉහළ නැංවීම, නව තාක්ෂණය හා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය ලබා දීම එම IESC ආයතනය විසින් සිදු කරනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ඒකක මෙම වැඩ පිළිවෙළ සඳහා ඒකරාශි කර ගැනීමට නියමිත අතර, ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම තම සංවිධානයේ අරමුණ වන අතර කිසිසේත්ම ලාභ ඉපයීමේ අරමුණක් තම සංවිධානයට නොමැති බව, මෙම අවස්ථාවට එක්වෙමින් IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinch සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන අතර , IESC ආයතනය විසින් එම සියලු කටයුතු මෙහෙයවනු ලබයි. මේ වනවිට දිනකට කිරි ලීටර් 100කට වඩා අඩු මට්ටමක පවතින කිරි නිෂ්පාදන ඒකක රැසක් හඳුනාගෙන ඇති අතර , එම ඒකකවල කිරි නිෂ්පාදනය වැඩි කිරීම මගින් ගොවි ජනතාවගේ දෛනික ආදායම ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යවරයා සඳහන් කළේ, කිරි ගොවියා වෙනුවට කිරි නිෂ්පාදන ව්‍යවසායකත්වයෙක් දක්වා කිරි ගොවියා නංවාලීම මගින්, කිරි කර්මාන්තය සඳහා යොමු නොවන තරුණ ප්‍රජාව ආකර්ශණය මෙම වැඩ පිළිවෙළ මගින් සිදුවිය යුතු බව‍යි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...