කලාවැව බැඩිමින්ටන් වැඩ මුළුව සාර්ථකයි

Date:

ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මෙහෙය වූ සිව්දින වැඩ මුළුව කලාවැවදී සාර්ථතව නිමා කරන්නට සමත් වුණා.එක්තොම්බර් 29 වන දින සිට නොවැම්බර් 01 දා ක්‍රියාත්මක වූ මෙම වැඩ මුළුව කලාවැව පිහිටි ජාතික මිරිදිය හා ජලජීවී වගා පුහුණු ආයතනය කේන්ද්‍ර කරමින් පැවත් වුණා.


මෙම වැඩමුළුව වෙන්ව තිබුණේ දැනට දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිත භාරව සිටින පුහුණුකරුවන්ගේ සහ සම්බන්ධිකරණ නිලධාරීන්ගේ දැණුම යාවත්කාලීන කිරීමේ අරමුණු පෙරදැරිවයි.සහතකපත් පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාවෙන් පුහුණුකරුවන්ට මෙන්ම සම්බන්ධිකරණ නිලධාරින්ටත් බැඩිමින්ටන් පුහුණු කටයුතු සහ පරිපාලන කටයුතු කරගෙන යාමට විශාල දැණුමක් උපයා ගැනීමට හැකි වූ බව එම සංවර්ධන කමිටුව භාර සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ උප සභාපතිවරයෙක්ද වන රොෂාන් ගුණවර්ධන පෙන්වා දුන්නා.


මෙම වැඩ මුළුව අවසානයේ පැවති සහතික පත් ප්‍රදානය ිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නියෝජනය කරමින් එහි සභාපති රොහාන ද සිල්වා ද එක්ව සිටියා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...

බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට...

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...