හරක්කටා මිලියන 700ක් දී ඩුබායි පනින්න හැදූ හැටි ඇමති ටිරාන් හෙළිකරයි (VIDEO)

Date:

නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැති පාතාල නායකයා විදෙස් රටක සිට ශ්‍රී ලංකාවට ගෙන එද්දී තමන්ට රුපියල් මිලියන 700ක් අල්ලස් වශයෙන් ලබාදී ඩුබායි රාජ්‍යයට පැනගැනීමට උත්සාහ කළ නමුත් තමන් ඊට යට නොවූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

“අද ඉඳලා කුඩුද, පාතාලයද, කසිප්පුද, හැම දෙයකටම OIC වගකියන්න ඕනෙ. නැත්නම් මම ඒ OICව එතනින් අයින් කරනවා. මම බුද්ධි අංශයෙන් රිපෝට්ස් ගන්නවා. ඒ රිපෝට්ස් උඩ තමයි මීට පස්සේ OIC කෙනෙක් තියනවාද නැද්ද කියන තීරණය ගන්නේ. තමන්ගේ පොලිසියේ වැඩකරන්නේ නැති නිලධාරීන් ඉන්නවා නම් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට දන්වන්න. දන්වලා ඒ අයව අයින් කරන්න. දැන් ඕගොල්ලන්ට ලැජ්ජාවක් නැද්ද යුනිෆෝම් එකක් ඇඳගෙන ඉන්නකොට පාතාලේ එකෙකුට කෝල් කරලා තර්ජනය කරන්න පුළුවන් තත්වෙට නේ දැන් වැටිලා තියෙන්නෙ ? මේ පාතාලයයි කුඩුයි සම්පූර්ණයෙන්ම අපි නැති කරගන්න ඕනෙ. හරක්කටාව ගේනකොට මට මිලියන 700ක් ඔෆර් කෙරුවා මෙහෙට ගේන්නෙ නැතුව ඩුබායිවලට අරින්න කියලා. ඉතින් ඒ මිනිස්සු ලෑස්තියි ඕනෙ තරම් සල්ලි වියදම් කරන්න. හැබැයි අපි කවදාවත් ඒවාට යටවෙන්න එපා. ඒගොල්ලන් ලෑස්තියි මිලියන ගණන් අපේ ලොකු ලොක්කන්ට හරි දීලා මාව ඇමතිකමෙන් අයින් කරගන්න.

බය නැතිව ඇක්ෂන් ගන්න. අපේ සතුරා අපට ගහන්න ඉස්සෙල්ලා අපි සතුරාව හොයාගෙන ගිහිල්ලා ගන්න ඕනෙ. හරියට රස්සාව කරන්න කියන්න, බැරි අය ඉන්නවා නම් දැන්ම අයින් වෙන්න”

අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන් සමග පැවති හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...