විදුලි බිල ජනතාවට බරක් වෙලා! ලක්ෂ 7කගේ විදුලිය විසන්ධි කරලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලි බිල ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ගත වූ මාස 10 තුළ විදුලි පාරිභෝගිකයින් 788, 235 දෙනෙකුගේ විදුලි සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මේ වසර තුළ , මේ දක්වා තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළ අතර, ආර්ථීක අර්බුදයත් සමග විදුලිය බිල් වැඩිකිරීම – බදු වැඩි කිරීම ඇතුළුව ජීවන වියදම් ඉහළ යාමත් රුපියලේ අගය පහත වැටීමත් නිසා විදුලිය බිල ගෙවීම මේ වනවිට ජනතාවට ජීවන අභියෝගයක් වී ඇත.

වැඩිම විදුලිය සැපයිම අත්හිටුවීම අගෝස්තු මාසයේ වාර්තා වන අතර එම සංඛ්‍යාව 120, 474 ක් බව, විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය,

ජුලි මාසයේ දී පමණක් පාරිභෝගිකයින් 118,481 දෙනෙකුගේ විදුලිය සැපයුම අත්හිටුවා ඇති අතර , ඔක්තෝම්බර් මාසයේ පමණක් විදුලිය සැපයුම අත්හිටුවා ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව 106,106 ක් බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...