මුලින්ම එන්නේ පළාත් සභා මැතිවරණයක් !

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයෙහි නොයෙකුත් කතාබහ පැතිර යමින් පවතී.

2018 මැතිවරණයෙන් තේරී පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ධුර කාලය පසුගිය ජනවාරි මාසයෙන් අවසන් වීමට නියමිතව පැවති අතර රජය විසින් එය තවත් වසරකින් දීර්ඝ කරන ලදී.

මේ අතර මහමැතිවරණයක් පැවැත්වීම පිළිබඳ රාවයක් ද දේශපාලන ක්ෂේත්‍රයෙහි පැතිර ගිය නමුත් මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය මේ වනවිට තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විශේෂයෙන්ම එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාවේ සහාය ලබාගැනීම තීරණාත්මක වී ඇති පසුබිමක, රජය විසින් මීට පෙර අවස්ථා ගණනකදී ඉන්දියාවට ලබාදුන් පොරොන්දු අනුව පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරනු ඇති බව සඳහන්.

බොහෝවිට අප්‍රේල් මාසයෙහි අග භාගයේදී හෝ මැයි මාසයේදී මුල භාගයේදී පළාත් සභා මැතිවරණය බලාපොරොත්තු විය හැකි බවයි තහවුරු නොකළ ආරංචිමාර්ග පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...