විපක්ෂ නායකවරයාගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වූ සෝමවතියේ කඨින චීවර පූජාව!

Date:

බෞද්ධ පුද පූජා අතර ඈත අතීතයේ සිට පහන් දැල්වීම හෙවත් ප්‍රදීපාලෝකය සිදු කිරීමෙන් නුවණැස පාදාලීම අපේක්ෂා කළ බවත්, ප්‍රඥාලෝකය දල්වාලීමට මහෝපකාරි වන අලෝක පූජාව වර්තමානය දක්වා නොනවත්වා පවත්වාගෙන ආ බවත්, එම මහා පුන්‍යකර්මය ඉදිරියටත් පවත්වාගෙන යාම සැදැහැති බෞද්ධයන්ගේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේ පැවැති වාර්ෂික කඨින මහෝත්සවයට සහභාගී වෙමිනි.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණිය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ද එක්වූ අතර, ඊට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද එක්ව සිටියහ.

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ වැඩබැලූ අංශාධිපති, පොලොන්නරුව ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති පුජ්‍යපාද ආචාර්ය පහමුණේ ධර්ම කිර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා පෙරදැරිව නොවැම්බර් මස 4 සහ 5 දෙදින තුළ පැවැති මෙම මහා කඨිනචීවර පූණ්‍යෝත්සවය ශ්‍රී දකුණු දළදා වහන්සේ උදෙසා කිරි ආහාර සම්බුද්ධ පූජාවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ සැදැහැති දායකත්වයෙන් පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...