ක්‍රිකට් ක්‍රිඩාවේ පවතින “ටයිම්අවුට්” යන නීතිය යටතේ ජාත්‍යන්තර මට්ටමෙන් දැවී ගිය පළමු පිතිකරුවා වීමේ දුර්ලභ අවාසනාව ඇන්ජලෝ මැතිවිස්ට අත් විය.ඒ බංගලාදේශය අතර පැවති තරගයේදී ය.ඇන්ජලෝ පන්දුවට පහරදීමට පැමිණියද ඔහුගේ හිස් ආවරණයේ ඇති වූ දෝෂයක් නිසා පන්දුවට පහර දීම පමා විය.පිතිකරුවෙක් දැවී පිටියෙන් ඉවත් වී ඊ ළඟ පිතිකරුවා පන්දුවට පහර දීමට විනාඩි 3 ක් ඇතුළත පිටියට පිවිස යුතු බවට එම්සීසී විසින් යාවත්කාලීන කර තිබෙන නීතිය මේ තරගාවලියේදී පෙර එම නීතිය පැවති ආකාරයට විනාඩි 2 දී ලෙස සළකා බලන තත්ත්වයකදී ඇන්ජලෝ මැතිවිස්ට මෙම ඉරණම අත්විය.
එය දැවී යා හැකි වරදක් වුව බංගලාදේශ නායක ශකීබ් අල් හසන් ගේ ක්‍රීඩාශීලී නොවන අශීලාචාරකම පෙන් වූ අවස්ථාවක් හැටියට මේ වන විට සමාජජාලා වල බොහෝ දෙනෙක් අදහස් දක්වා ඇත.එහෙත් එම නීතිය ශකීබ් දැන සිටීම යනු ඔහු ක්‍රීඩාව සඳහා පූර්ණ ලෙසින් සූදානම්වීමේ ගුණයක් ලෙස ගත හැකි අතර ඇන්ජලෝ මැතිවිස් වැනි ජ්‍යෙෂ්ඨයෙක් එය නොදැන් සිටියායැයි නිව නොහැකි වුව,තමන්ගේ සීමාවන් හී නිවැරදිව ක්‍රියාත්මක වීමට අවශ්‍යය වෘත්තිමයභාවය ඔහු තුළ නොදැකීම කණගාටුවට කරුණකි.
දැණුම වැදගත් විදිහට කාගේ හෝ දුර්වලකමකට එරෙහිව තමන්ට වාසිදායක ලෙස භාවිතා කරන්නට අවබෝධය තමන් තුළ තිබුණ ද,එසේ නොකරන්නේනම් ඔහුට ජයග්‍රහණය සම්බන්ධයෙන් උත්සාහ කළ හැකි වුවත්,
මේ තත්ත්වය නිසා කිසිඳු පන්දුවකට මුහණ නොදී මැතිව්ස් ට පිටියෙන් ඉවත්වීමට සිඳු වූ අතර එය එක පන්දුවකට කඩුල්ලක ලබා ගැනීමෙන් පසු තව පන්දුවක් නොයවා තිබියදී, ප්‍රතිවාදි කණ්ඩායමකට තවත් කඩුල්ලක් ලබා ගත හැකි එකම අවස්ථාව ලෙස ගත හැකිය.එය ඇන්ජලෝ ඉතිහාසයට එක් කළ දැවීයාමක් වගේම ශ්‍රී ලංකාවය එකම පන්දුවකින් කඩුලු දෙකක් අහිමිවීමට ද හේතු විය.
එහි විඩියෝ දර්ශනය මේ සමඟ ඇත.එසේම අවසානයේ චරික අසලංක ගොඩනැඟුව සුපිරි ඉණිමත් සමඟ ලකුණු 279 ක් ලබා ගත් ශ්‍රී ලංකාව, තරගය නිමා කළේ කඩුලු 3 ක් ජයග්‍රහණයක් බංගලාදේශයට ලබා දෙමින්ය.එම තරගයේ සමස්ත තරග විස්තරයට පහතින් පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/bangladesh-vs-sri-lanka-38th-match-1384429/full-scorecard
සටහන – නිෂ්මං රණසිංහ
