*
Friday, September 20, 2024
spot_img

Latest Posts

කප් එකට ඇප් එකක්

භානුක රාජපක්ෂ කණ්ඩායමට තෝරා නොගැනීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස විරෝධයක් විය.විරෝධය දැක්වීම හොඳ දෙයකි.එසේම සියලු දෙනා එක මිම්මෙන් මැන භානුක රාජපක්ෂ කණ්ඩායමෙන් එළියෙන් තැබීම ද ගැටළුකාරීය.එහි අදහස ශාරිරික යෝග්‍යතාවය අනවශ්‍යය දෙයක් යන්නවත් අයෙකුට විශේෂයෙන් සළකන්න යන්නවත් නොව එකිනෙකාගේ වෙනස්කම් සම්බන්ධ කියවීම මීට වඩා තාර්කික පදනමකින් සැළකිල්ලට ගැනීමය.වෙනස් අනන්‍යතාවයන් යන්න පිළිබඳව අවශ්‍යයතාවයන් කියවා ගැනීමට සාධාරණ තර්කයක් සහ සැළකිල්ලක් ඇති කර ගැනීමය.

භානුක සම්බන්ධ විරෝධය හුදෙක් භානුක නොවන එවැනි ධනාත්මක කාරණාවලට ගොනු කර ගැනීමේ පුළුල් අරුතකින් හැඩ විය යුතුව තිබිණ.එසේම එහි අනන්‍යතාවය එය බවට පත් කර ගැනීමට අවශ්‍යය සැළසුමක් මාධ්‍යයට තිබිය යුතුව තිබිණ.එහෙත් එය මාධ්‍ය මඟින් විනෝදාත්මක විකට වැඩ සටහනක් පත් කළේය.භානුක සම්බන්ධ විරෝධය සැළසුමක් නැතිව ක්‍රිකට් ප්‍රේමීන් සහ භානුක හිතෛශීන් එක්වන තැනක් ලෙස කඩිනමින් පත් වූ එකකි.එයට ඇත්තෙන්ම හැඩය විසින්ම ස්වෙච්ඡාවෙන් එකතුවන ප්‍රේමණිය මිනිසුන්ගේ එක්වීමක් යන්න පැවසීමට හැකි තත්ත්වයක්ද තිබිණි.
නමුත් අදහස නොවිසුරුණු පළල් සහ දියුණු එකක් විම අවශ්‍යය කාරණයකි.ක්‍රිකට් දියුණු කිරීමට නැඟෙන හඬක්, විසිරුණු අවබෝධයක් නැති මිනිසුන්ගේ හඬක් ලෙස සමාජගත වීම ඛේදවාචකයකි.එම ඛේදවාචකයේ පරිමාව පුළුල් වන්නේ ප්‍රධාන මාධ්‍යයේ සිටම සමාජ මාධ්‍ය දක්වා විරෝධය යන්න විනෝදයක් බවට පත් කර ගැනීමට දරණ උත්සාහය හේතුවෙන්ය.

එහි ආගමික විරෝධය අතුරන්නේ තමන්ගේ ආගම සම්බන්ධයෙන් මූලිකත්වය අවශ්‍යය යන පදනමේ සිට බව නොකීවාට,එය ප්‍රදර්ශනය විම නොවැළක්විය හැකි කරුණකි.කාලෙක සිට මේ තත්ත්වය අශෝභන ආකාරයෙන් ප්‍රදර්ශනය විම මෙන්ම එය සමාජය අවුල් කරන විෂබීජයකි.ඒ වගේම හැම තැනකම එය පොදු සාධකයක් ලෙස නොදැන හුවා දැක්වීමට යාමෙන් එහි යම් සත්‍යතාවයක් වේනම් එයට සැබෑ විරෝධයක් මතුවීම ද වැළකී යන්නේය.කණ්ඩායම තේරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන ආගමික නිකායට අයත්,එය ප්‍රධානම පදනමනම් කණ්ඩායමේ සිටිය යුතු ප්‍රධානම ක්‍රීඩකයා භානුක විය යුතුය.කවුරුන් මොන විවේචන කළ ද භානුක ප්‍රසිද්ධියේම එය තමන්ගේ ඇදහීම බව පිළිගන්නේ කිසිඳු පැකිළිමකින් තොරවය.

එසේම අලුත්ම හැඩය මෙහිදී මතුවෙන්නේ අරූ එළියට දාපං හෝ අරුන් එළියෙන් තබා මුං ගනිං යන න්‍යායද මීට ඇතුළත් කිරීමෙන්ය.ඒ නිසා ක්‍රිකට් සමබන්ධ විරෝධයන් එල්ලවන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන්ම නොවේය.තමන් දන්නා හඳුනන මිත්‍ර ක්‍රීඩකයා පදනම් කරගෙනය.තමන්ගේ ක්‍රීඩක රුචිය පදනම් කරගෙනය.තමන්ගේ ආගම පදනම් කරගෙනය යන අතිශයින් ගෝත්‍රික තැනක සිට කරන ක්‍රිකට් කතා ද මේ තරම්ම ක්‍රිකට් තිත්ත කරන සුළු තත්ත්වයකට පත් කරමින් ඇත.සරලව කියන්නේනම් ක්‍රිකට් සමස්තයක් ලෙස අවුලක පවතින්නේ කියන කාරණය පිළිගන්නා අය එයට ක්‍රීඩකයා,පාලකයා,තාක්ෂණය සහ විද්‍යාව පමණක් අවුල් ලෙස නොගත යුතුය.ඒ සමස්තයට රසිකයාද අදාළය.ඔහු බලාපොරොත්තුවන රසය ගැඹුරෙන් ක්‍රිකට්මය එකක් නොවේනම් ක්‍රිකට් නොගැඹුරු ලෙස පවතින්නට එය ද හේතුවක් වන්නේය.

එසේම ක්‍රිකට් හී භෞතික සළකා බැලීම් සම්බන්ධයෙන් වන කියවීම කෙතරම් වගකිම් සහගත ද යන්න විමසා බැලීමට එම විරෝධය හමුවේ වූ කතාබහෙන් උපුටා ගත හැකි අපූරු කියවීමක් වන්නේ එය මහජනතාවට විවෘත වූ ඇප් එකක් හරහා කරන්නට එන යෝජනාවය.මහ ජනතාව යනු කවරේද?ඉහත අඩුපාඩුකම් සහිත සියල්ලම මහ ජනතාවය.

භානුකගේ විරෝධය සැළසුමකින් තොරව සංවිධානය විම මරුය.භානුකට ආදරේ අය සහ ක්‍රිකට්වලට ආදරේ අය ඊට රොක්වීමක් ලෙස එය අර්ථවත් නොවී මතු වුණේ තමන්ගේ ක්‍රිකට් ආසාවන්ගේ නොගැඹුරුකම පෙන්විම සහ භානුකට ආදරය කරනවට වඩා තමන් අකමැති ක්‍රීඩකයන්ට ඇති විරෝධය ප්‍රකාශ කිරීමය.සටන් දියවන්නේම ඒවා එක අරමුණක නැතිවීම නිසාය.අන්තිමට එක අරමුණකින් නොවන විවිධ දේ රැගෙන යන්නට පැමිණි මිනිස්සු අයෙක් ගෝවා ගැන කතා කරන විට තව අයෙක් කැරට් ගැන කතා කරන පොළක අපැහැදිළි දසුන් පෙළක් බවට පත් වි මැකී ගියේය.
ඒ නිසා විරෝධයක් යනු බෝඩ් කෑලි සහ සටන් පාඨ පමනක් නොවේය.එකිනෙකා හිතූ හිතූ දේ කතා කිරිමක් ද නොවේය.ආණ්ඩුවේ ඇත්තන් තෙල් හෝ ගෑස් ගැන පවසන දේ නිසා ආණ්ඩුව ජෝක් එකක් බව ඉක්මණින් මිනිස්සු වටහා ගත්තේය.ඒ එක එකිනෙකාගේ ඒ සම්බන්ධ අදහස් විවිධ විම නිසාය.ඒවා පුද්ගල මත නොවි ආණ්ඩුව අප්‍රසාදයට ලක්කරන සැළසුමක් බවට සහ ජනප්‍රියතාවය හීන වෙන ආණ්ඩුවක් බවට පත් වෙන්ට ඊට අරමුණක් නොමැතිකමම බලපෑවේය.

විරෝධයකට හෝ අදහසකට සමාජයේ බලපෑමක් ඇති කළ හැකි තත්ත්වයකට පත්විය හැක්කේ එය කෙතරම් සැළසුම් සහගත ද යන්න විදහා පෙන්වීමේ හැකියාව මතය.ඒවා ගැඹුරු ටක්කෙටම මේ හැඩය යැයි පිටට නොපෙනෙන එහෙත් එකම හැඩයක් බව වචනයෙන් වචනය දනවන සෑම චලනයකම එකම රිද්මයක් දැකිය හැකි පොහොසත් ඒවා විය යුතුය.භානුක විරෝධයට එවැනි න්‍යාය පත්‍රයක් නොවිණි.විරෝධය යන්න එහි ගැඹුරු දේශපාලන සංවිධානාත්මක බවෙන් දුරස් නිර්දේශපාලනික සරල වැඩක් බවට පත් වූ විට සිඳුවන්නේ කුමක්ද යන්න භානුක විරෝධය හොඳම උදාහරණයක් බවට පත් කර විරෝධකරුවෝ විසිර ගියහ.අද සිට පැමිණි අයට සටන් කරන්නට පිටියක් හැදෙන්නට ඉඩ ඇත.ඒ පිටියේ පැමිණි අය තම තමන්ගේ අදහස විද්‍යාමාන නොකළ අයට බැන අඩ ගසනු ඇත.උඹ නෑවා මොනවද ඒ කිව්වේ කියා තමන් කි දේ සහ අනුන් කි දේ අතර පරස්පරය සාකච්ඡාවට ගැනෙන මොහොතේදි පැහැදිළි වෙන්නේම භානුක නෙරපීම සම්බන්ධ විරෝධයට අරමුණක් නොමැති බවය.සැළසුමක් නොමැති බවය.එය ස්වකැමත්තෙන් සංවිධානය වී භානුකට ප්‍රේම කරන්නන්ගේ අවිධිමත් එකමුතුවක් බව කියන්නට සාධනිය කරුණු ඉදිරිපත් කරන්නට කියන්න ඇතතේ එහි අරුත බලපෑමනම්,බලපැම් කළ හැක්කේ එක් අරමුණකට කේන්ද්‍ර වීමෙන් පමණක් බවය.

පවුරු පෙරළන්නට යාමට පෙර පවුර පෙරළන්නේ කොයිබටද යන්න අපට අවබෝධයක් තිබිය යුතුය.සරලවම සමාජයේ බොහෝ දෙනෙක්ට ගුරු සටන සම්බන්ධයෙන් වගේම වෙනත් වෘත්තීය සටන් සම්බන්ධයෙන්ද ඇති හැඟීම එයින් තමන්ට දැනෙන පීඩාව පදනම් කරගත් විරෝධයකි.නමුත් වෘත්තිකයා තම අරමුණේ පිහිටාම සටන් කරන විට ආණ්ඩුවට විරෝධයට විරෝධය දක්වන්නන්ගෙන්, විරෝධකරුවන්ගේ වෘත්තීය අවශ්‍යයතාවය පියවා ගැනීමට නොහැකි නිසා වෘත්තිකයන්ට සවන් දෙන්නට වන්නේය.ඒවා සංවිධානය වන්නේ විවිධ අදහස් දරන වෘත්තීය සංගම් එක්වය.එහෙත් විරෝධයට යෑමට පෙර සියලුම සාමාජිකයන් දන්න පොදු න්‍යාය පත්‍රයක් පිළිබඳව ඔවුන් අවබෝධයකට පිවිසෙන්නේය.ඒ නිසා තෙල් ගැන ගෑස් ගැන එකිනෙකා විවිධ දේ නොකියන දොං නම් දොං සිමං නම් සිමං ඒකමතියක පිහිටා සාර්ථක විරෝධකරුවෝ කටයුතු කරති.

භානුක විරෝධය එවැනි දැක්මක් සහිතව බලපෑමක් ඇති කළහැකි මට්ටමක නොමැති වූ දියාරු සටනක් වූයේ පිරිසක් දොං කියද්දි පිරිසක් සිමං කීම නිසාය.කණ්ඩායම තේරීමට මහජනතාවගේ අතට ඇප් එකක් පතිත කර,එහි අදහස් කියවීමේ ආසාවක් මට දැණුනි.ඒ ක්‍රිකට් හදන්නට නොව විනෝද වෙන්නටය.විනෝදය සපයන අර්ථයක් විරෝධයට නොතිබිය යුතුය.එයට අරමුණක් සහ සැළසුමක් තිබිය යුතුය.

අවසාන වශයෙන් විරෝධය කියා පෑවේ ක්‍රිකට් සම්බන්ධ සහ භානුක සම්බන්ධ සිතුවිලිවල සමාජය දරන මතයන් හී අසමානතාවයන් සහ අපැහැදිළිතාවයන්ය. ඒ අනුව ක්‍රිකට් ආයතනයට ඕනෑම හැසිරීමකට ඇති ඉඩ පුළුල් කර විරෝධතාකරුවෝ විසිර ගියහ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan