අස්වැසුමට නැවතත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සහාය දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය එකඟතාව පළ කළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා කියාසිටී.

එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමය සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යන අය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පවත්වා ඇත.

ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළේ, අස්වැසුම සුබසාධක වැඩසටහන විධිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ගම් මට්ටමින් නිශ්චිත නිලධාරියෙකු පත් කිරීමටද එකඟතාව පළ වූ බවයි.

ඒ සමග අස්වැසුම සුබසාධක වැඩසටහනේ පවතින තාක්ෂණික ගැටලු කඩිනමින් විසඳාගෙන ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වාදෙයි.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද, 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...