ගම්වදින අග්බෝගෙන් ගම්මුන්ට කරදර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කලකට පෙර දී බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් බරපතළ ලෙස අසාධ්‍යව සිටි අග්බෝ ඇතාගේ පාදය සුව අතට හැරෙමින් පවතින බව පසුගිය දා වාර්තා වුණා.

වනජීවී කාර්යාලය පවසන්නේ , මාස 4කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවී අධීක්‍ෂණය යටතේ සිටින අතර අග්බෝ සුවපත් කර ගැනීමට වනජීවී නිලධාරීන් හා වනජීවී පශු වෛද්‍යවරු ඇතුළු කණ්ඩායම ඉතාමත් වෙහෙසක් දරමින් දින 86ක් අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට කටයුතු කර ඇති බවයි.

නමුත් මේ වනවිට, වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත රාත්‍රී ආහාර ලබාදීම නවත්වා ඇති බවත් එසේ ආහාර දීම නවතා ඇත්‌තේ, ඇතා නැවත වනයට හුරු කිරීමේ අරමුණ නිසා බවද වනජීවී කාර්යාලය පවසා ඇත. එමෙන්ම ඇතා වෙනදාට වඩා ශක්ති සම්පන්න ලෙස කිලෝමීටර් 10ක පමණ දුරක් එක් රාත්‍රියකට ඇවිදිමින් වාසභූමි වෙනස් කරමින් ආහාර සොයා ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර, එසේ සැරිසරමින් අග්බෝ ඇතා එම ප්‍රදේශයන්වල වගා හා දේපළ හානි කරමින් ආහාර සපයා ගැනීමට මේ වන විට හුරුවී ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටී.

එහ්මෙයින්, ප්‍රදේශයේ වෙසෙන ජනතාවට මෙන්ම අග්බෝ ඇතාටද ආරක්‍ෂාව පිළිබඳව යම් ගැටලුකාරී ස්වභාවයක්ද නිර්මාණය වී තිබීම නිසා වනජීවී ඉහළ නිලධාරියාවද ලිඛිතව දැනුවත් කර තිබෙන බව තිරප්පනේ වනජීවී කාර්යාලය පවසයි.

මෙසේ තිබියදී පෙරේදා (8දා) දිනයේ රාත්‍රී කාලයේදී තිරප්පනේ දිවුල්වැව ගම්මානයට අග්බෝ ඇතා ඇතුළු වී නිවාසයක මුළුතැන්ගෙය කඩා දමා ඇති බවද තොරතුරු වාර්තා වේ.

එමෙන්ම ප්‍රදේශයේ නිවාස ආසන්නයටම ගොස් වගා හා ස්ථිර බෝගද විනාශ කර තිබෙන බවයි ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ. මේ පිළිබඳව තිරප්පනේ වනජීවී නිලධාරීන්ටද දැනුම්දී තිබුණද වනජීවී නිලධාර්න් පැමිණ නැති බවට ඔවුන් චෝදනා කර සිටී.

ඔවුන්ගේ නිල රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අග්බෝ ඇතා පලවා හැරිමට හැකියාවක් නොලැබුණු බව , තිරප්පනේ වනජීවී කාර්යාලය පවසයි.

හැකි ඉක්මනින් මෙම ඇතා අල්ලා සුදුසු ස්ථානයකට රැගෙන ගොස් මුදාහරින ලෙස ගම්වාසීන් කාරුනිකව ඉල්ලා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...