ආදරය යනු අතිමහත් විනාශයකි !

Date:

සුනිල් මාධව ප්‍රේමතිලක ගැන ඊයේ රෑ ඉඳල අද උදේ වෙනකල් එක එකා දාපු හැම පෝස්ට් එකකම වගේ තියෙන්නේ උන් සුනිල් මාධව එක්ක අඩි ගහපු හැටි, විප්ලවේ ගැන කතා කරපු හැටි, රණ්ඩු උන හැටි, අඬපු හැටි, උන් කොච්චර සුනිල් මාධව එක්ක හිටියද, වෙනස් කම් තිබුණද, වගේ දේවල්. සුනිල්ගේ විප්ලව සංකේත පිළිවෙලෙන් උනුත් කොච්චර දිය දෝතක් ගන්න හදනවද කියල දැක්කම අප්පිරිය හිතුන. මුන් තමයි නියම වෙළෙන්දෝ. ධම්මික පෙරේරල නෙවෙයි.

‘ලක්දිව’ සහ ‘හිරු’ කියන විකල්ප ප්‍රකාශන එක්ක තමයි මම සුනිල් ගේ ළිපි කියවන්න ගත්තේ. ඒවා ගොඩක් න්‍යායික ලිපි වලට වඩා හැඟීම්බර ළිපි කිව්වොත් නිවැරදියි. ප්‍රේමදාසගේ යුගයේ පාරේ මිණී පිච්චිලා ඉවර වෙන්නත් කලින් සුනිල් ට ඕනි උනා තවත් විප්ලවයක් මේ පොළොවේ සිදු වෙනවා දකින්න කියල මට හිතෙනවා. හැබැයි අපේ පරම්පරාව එහෙම ලැහැස්ති වෙලා හිටියේ නැහැ. අදත් නැහැ.

අපේ පරම්පරාව ‘මිල්ලේ සොයා’ ඉතාලි ගියා. මගේ පංතියේ ගොඩක් අය යුරෝපෙට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තෙට ගියා. අපි වගේ හාල් කෑලි ටිකක් විශ්ව විද්‍යාලේ ගිහිල්ල ‘කතා කරන්නන්’ බවට පත් උණා. නැත්නම් ලියන්නන් බවට පත් උණා.

‘හිරු’ එකේ උනත් සුනිල් අයියා (එහෙම ලියන්නේ යම් භක්තියක් නිසා මිසක් අඳුරන නිසා නෙවෙයි) ලියපු දේවල් මම සම්පුර්ණයෙන් කියෙව්වේ නැහැ. හැබැයි වමේ මිනිස්සු ළඟ තිබුණ උණුසුම සහ මනුස්සකම ඒවායේ ගෑවිලා තිබ්බ. සුනිල් සහ ඒ වෙලාවේ ‘හිරු’ එකේ ලිව්ව අනිත් කෙනා උනේ රෝහිත භාෂණ.

වමේ උන්ට උණුසුම් හදවතක් තිබ්බ කියන්න සුනිල් මාධව උදාහරණයක්. ඔව්, විප්ලවය ගැන අදහස අත් නොහැරපු, ඒකට දිගටම ආදරය කරපු සුනිල් රෝමෑන්තික ආදරවන්තයෙක් වෙන්නත් පුළුවන්. හුඟක් එවුන් බෝට්ටු වලින් පැනල යද්දී සුනිල්ල අර විප්ලවයට තිබ්බ ආදරය අත් නොහැර මේකෙම වැටිලා ඉන්න ඇති.

එහෙම ආදරය කරනවා කියන්නේ අතිමහත් විනාශයක් (catastrophe). තමන්ගේ ලෝකෙට වෙනත් දෙයක් එන්න ඉඩක් නැති තරමට ඒ ආදරය ප්‍රභල වෙන්න පුළුවන්. සියල්ල හෙල්ලුම් කන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දේවල් මඟ හැරෙන්නත් පුළුවන්. උසස් ලෝකයක් පිළිබද පරිකල්පිත යථාර්තයකට ආදරය කරන නිසා මේ ලෝකේ දිගහැරුණු මුස්පේන්තු පාංකඩ යථාර්තය එක්ක එයාට ගැට ගැහෙන්න බැරි උණා වෙන්නත් පුළුවන්. ඒ යථාර්තයෙන් පලා යන්න බිව්වා වෙන්නත් පුළුවන්. මැරෙනකම්ම බිව්වා වෙන්නත් පුළුවන්.

දැන් සුනිල් ගැන අපි කතා කරන්නේ වමේ පුරා වස්තුවක් (leftist artifact) හැටියට. උත්තේජනයක් (motivation) හැටියට නෙවෙයි. මට තියන අවුල ඒක.

ටෙරී ඊගල්ටන් කියන විදියට කවදාහරි විප්ලවයක් සාක්ෂාත් කර ගන්න නම් මේකේ වැටිලා හිටපු උන් විතරක් නෙවෙයි බෝට්ටු වලින් පැනලාගිය උනුත් එකතු කර ගන්න වෙනවා.

සුව නින්දක්!

Image@Ravindra Pushpakumara

  • මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...