*
Friday, October 18, 2024
spot_img

Latest Posts

පුද්ගල ඊගෝ සහ සංවිධාන ඊගෝ ඇතුළේ දඟ කැවෙන ක්‍රිකට්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
  ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමට ලක් කර ඇත.ඒ සමඟ ක්‍රිකට් තහනම ඉවත්කිරීමට මැදිහත්වීමේ මාර්ගය සොයා ගැනීම පසෙක ලා ගැටළුවේ දෙපාර්ශවය පෙනී සිටින ක්‍රිඩා අමාත්‍යවරයා සහ ශ්‍රි ලංකා ක්‍රිකට් අතර තරගකාරී තත්ත්වය නැරඹීමට ජනතාවට සිඳු වී ඇත.ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවනට පවා අයිසිසී මැදිහත්ව සිඳු කරන අයිපීඑල් වැනි තරගාවලිවලට ක්‍රීඩා කරන්නටවත් අවස්ථාව අහිමි වෙමින් තිබෙන බව දැකිය හැකිය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආසන්න වශයෙන් අහිමි වීමට නියමිතව ඇති තරගාවලි පහත පරිදි හඳුනා ගන්නට හැකියාව ඇත.
පිරිමි ජාතික කණ්ඩායම
කාන්තා කණ්ඩායම
නැඟී එන කණ්ඩායම
A කණ්ඩායම්
19 න් පහළ
19 න් පහළ ලෝක කුසලානය (2023 ජනවාරි)
සිම්බාබ්වේ, බංගලිදේශ, ඇෆ්ගන් සංචාර

මේ සියලු සංචාර සහ තරගාවලි අහිමි වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අහිමි විය හැකි මුදල ඩෙලර් මිලියන 50 ති.එම මුදල් ශ්‍රී ලංකාවට හිමි වුවහොත් එය ක්‍රිකට් ආයතනයට මෙන්ම රටේ වෙනත් ක්‍රීඩා සහ සෞඛය සහ සමාජ කටයුතුවලටද වැය කළ හැකිය.මේ දෙපැත්තට වීමේ එක අර්බූදයක් නිර්මාණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් අමාත්‍යවරයාට දී ඔහුගේ උවමනාවට හසුරුවන්න නොදීම නිසා ද යන්නද ගැටළුකාරී වන්නේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලැබෙන මුදල් සියයට 20 ක් ක්‍රීඩා අරමුදලට දීමට යම් යම් බලපැමක් ඇති කරන නිසාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත විගනන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා චෝදනා එල්ල කරන අතරේම ශ්‍රී ලංකා ක්‍රිකට් ද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රීඩා අරමුදලට ලබා දුන් මුදල් වියදම් කරන ලද ආකාරය සම්බන්ධයෙන් විගනන අංශයට ලබා දීමට තොරතුරු ලබා දී නැති බවට ද චෝදනා කරයි.එසේම අමාත්‍යවරයා විසින් පවසන ඔස්ට්‍රේලියානු සංචාරයේ දූෂණ සහ අක්‍රමිකතා,මෙන්ම සංචාරය සඳහා වීසා ලබා ගැනීම සඳහා අමාත්‍යවරයාගේත් ඔහුගේ දියණියන් දෙදෙනාගේත් නම් ද ඇතුළත් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා චෝදනා කරයි.

කෙසේ වුවත් අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය වෙත ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩා අරමුදලට දුන් මුදල් වියදම් කළ ආකාරය ප්‍රසිද්ධියට පත් කළේය.එය මේ සමඟ අමුණා ඇත.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් සියයට විස්සක මුදලක් ජාතික ක්‍රිඩා අරමුදලට ලැබෙන්නේනම් රටේ ක්‍රීඩාවේ සියලු ගැටළු විසදිය හැකිය.ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා පවසන්නේ එම ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ නොවීම නිසා මේ තත්ත්වය ඇති වූ බවය.අප පෞද්ගලිකව අමාත්‍යවරයා එසේ බලපෑම් කිරීමට නම් එකඟ නැත.රටේ ක්‍රීඩාවන් ප්‍රවර්ධනය කිරීමට සහ පාලනය කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයට ඇති වගකීම් ඉටු කිරීමට කුමන හෝ ක්‍රීඩා සංගමයක් මෙපමණ මුදලක් වැය කළ යුතුය යනුවෙන් අමාත්‍යවරයාට පැවසීමට තිබෙන බලය ක්‍රිඩා පණතේ තිබුණ ද බල රහිත කළ යුතු අතර එසේ හැකියාවක් දේශපාලන බලධාරියාට තිබේනම් ක්‍රිඩා පනතේ එම හැකියාව සංශෝධනය විය යුතුය.එසේ නොවන්නේනම් එය නෛතිකව කප්පම් ඉල්ලීමකට සමාන තත්ත්වයකි.

ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ඊයේ මාධ්‍ය හමුවේදී පැන නැඟුණ ප්‍රශ්නයක් වූයේ ක්‍රිකට් තහනම නිසා ක්‍රීඩාංගණ පාලනයේ සිටම රටේ ක්‍රීඩාව කඩා වැටෙන්නට නියමිත බවය.එහිදී අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ඒ ගැන සාකච්ඡා කර විසදා ගන්නට උත්සාහ කරන බව පැවසීය.අමාත්‍යවරයා සිය මාධ්‍ය හමුවේ දී දිගටම ප්‍රකාශ කළ සහ අවධාරණය කළ කරුණ වූයේ ඔහු කර තිබෙන සියලු කාරණාවන් ක්‍රිඩා පණතේ තමන්ට පැවරි ඇති බලතල ප්‍රකාරව සිඳු කර තිබෙන බවය.

ඇමතිවරයාගේ එම ප්‍රකාශයන් සම්පූර්ණයෙන් සත්‍ය ප්‍රකාශන වන්නේය.1973 ක්‍රීඩා පණතේ පැවරුණු බලය අවුරුදු 50 ක් ගෙවුණ ද බොහෝ විට ඒ ආකාරයෙන්ම පවතියි.එය අමාත්‍යවරයාගේ පැත්තෙන් මිදී ක්‍රීඩා පරිපාලන ඒකක වෙත නිදහසේ වැඩ කළ හැකි පරිදි සැකසිය යුතු වුව ද,ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා පරිපාලන වරින්වර සංශෝධනය වෙමින් සිය ජාතික ක්‍රිඩා සංගම් එම හැඩයට අනුරූපව වෙනස් විය යුතු බව කිව්ව ද,ශ්‍රී ලංකාවේදී එවැනි කරුණු ක්‍රිඩා අමාත්‍යංශය හරහා එන අනුමැතියකින් තොරව කළ නොහැකිය.ඒවා ක්‍රියාත්මක කිරීම ඇමතිවරයාගේ බලය මත පදනම්ව සිඳු විය යුතුය.ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දුව තහනම් කිරීමට බල පෑ ප්‍රධාන කරුණක් වුයේ එහි ඉල්ලීම පිට සංශෝධනය වූ පාපන්දු ව්‍යවස්ථාව නොසළකා හැර අමාත්‍යවරයා විසින් පාපන්දු නිලවරණය ක්‍රියාත්මක කිරීමය.ඒ නිසාම ජාත්‍යන්තර තහනම ඉවත් කර නිලවරණය පැවත්වීම සඳහා එම ව්‍යස්ථාව පිළිගෙන ඒ අනුව නිලවරණය පැවත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට ගැසට් නිවේදනය නිකුත් කරන්නට සිඳු විය.

ජාතික ක්‍රීඩා සභාව පත් කරන්නේ කුමන කාරණයක් උදෙසා ද?අමාත්‍යවරයාට සිය පරිපාලන කටයුුතු සඳහා උපදෙස් දීම ද එම සභාවට අදාළ කාරණාවක්ය.අමාත්‍යවරයාට උපදෙස් දෙන්නට පිරිස තෝරා ගැනීම සිඳු කරන්නේ ද අමාත්‍යවරයා ය.එවිට විෂය මූලික කර නොගෙන වුව, අමාත්‍යවරයාගේ කැමත්ත මත ද එම තෝරා ගැනීම සිදු විය හැකිය.අප කාලෙක සිටම යෝජනා කරන්නේ මේ තත්ත්වය සමඟ අමාත්‍යවරයා සතු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ද ජාතික ක්‍රීඩා සභාවට පැවරෙන සේ සංශෝධනය වී ජාතික ක්‍රීඩා සභාව පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු සහ පත්විය යුතු එක පක්ෂයකට අයත් නොවන නියෝජිතයන්ගෙන් සැදුම් ලද්දේ විය යුතුය.

මේ සිඳුවන ක්‍රිකට් සහ ගැටුම කේන්ද්‍රීය වන්නේ අමාත්‍යවරයාගේ පැත්තෙන් අමාත්‍යවරයාටමය.ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අමාත්‍යවරයාගේ ඇති ගැටුම ද මූල්‍යමය එකක් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවේදි මතු කළ සියයට 20 කතාව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයකට කණ්ඩායමක් නම් කරන අවස්ථාවේ පවා අමාත්‍යවරයා අනුමැතිය පමා කරන බවට එල්ල කරන චෝදනාවේ ද ඇත්තේ අමාතයවරයාට ඇති බලය,ඔහුට සුදුසුයැයි හැඟෙන පරිදි ක්‍රියාත්මක කිරීම නොවේද?වසර 50 ක් ගෙවුණ පසුවත් සකස් කළ පණතක් නවීනත්වයට පැමිණ වඩා නමණීය ගනු දෙනුවක් සඳහා මාර්ගය සකස් කර තිබිණිනම් මේ තත්ත්වයන් මීට වඩා පුළුල් මට්ටමෙන් සාකච්ඡා කරන්නට සහ එකතා ඇති කරන්නට හැකි සභාවක් නිර්මාණය වන්නට තිබිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට විවාදයක් ගන්නට තරම් ශ්‍රී ලංකා ක්‍රිකට් අදාළ වන්නේ එහි ඇති මූල්‍යමය ශක්තිය නිසාය.වෙනත් ක්‍රීඩාවන් සම්බන්ධයෙන් මතු වූ ගැටළු ඔහේ පා වී ගියා මිස පාර්ලිමේන්තුවට සුළඟවත් නොදැණින.ඒ නිසාම පාර්ලිමේන්තුවට ජාතික ක්‍රීඩා සභාව නියෝජනයට අවස්ථාව විවර වීම රටේ ව්‍යවස්ථාදායකයට සියලු ක්‍රීඩා ප්‍රශ්න යොමු වීමක්ය.ක්‍රිකට් විවාදය මුළුල්ලේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වුණේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මතයේ සහ චෝදනාවල සිට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත බැන ඇඩ ගාසීමට සහ සමහර අවස්ථාවන්වලදී ව්‍යවහාරික මට්ටමෙන් කිවහොත් “කිණ්ඩි” දැමීමටය.

එහෙත් මේ තත්ත්වය ඇති වීමට හේතු,ක්‍රීඩා පණත,එය වඩාත් නමනීය ලෙස සකස් වී ක්‍රීඩා පරිපාලනවලට ජාත්‍යන්තර සංගම් සහ සම්මේලනවල නියමයන්ට සහ පරිපාලනමය හැඩයන්ට අනුකූලව සකසා ගැනීමේ ඉඩ විවෘතව පවත්වා ගැනීම හෝ මේ සිඳුවීම පිටුපස හේතුවක්ව පවතින බව ඔවුන් දැක්කේ නැත.නැත්නම් දන්නේ නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් වඩා විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බව නැඟෙන චෝදනාවලින් පැහැදිිළි වන බව මෙන්ම අමාත්‍යවරයාට පනත මත පිහිටා ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බව ද මේ සංවාද විවාද පුරාම දැනෙනවා හැඟෙනවා.මේ මොහොතේ මේ සඳහා මැදිහත්වීමට බලයක් ඇති අය කළ යුත්තේ ජනප්‍රිය මාතෘකාවල එල්ලී මතු කරන රැලි දිගේ යාම නොවේ.ශ්‍රී ලංකා ක්‍රිකට් උපයන මුදලින් රටේ ක්‍රීඩාව පාලනය කරන්නට බලපෑම් කිරීම ද නොවේ.ලංකාවේ ක්‍රිඩාව පාලනය කරන්නට ක්‍රිකට් මුදල් නොදීම අවුලක් යැයි ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රිඩා අමාත්‍යංශය චෝදනා කරනවානම් හෝ බලපෑම් කරනවානම් සමස්ත ක්‍රිඩාවේ පරිපාලනය සහ මෙහෙයවීමේ වගකීම පාර්ලිමේන්තු අධීක්ෂණ මණ්ඩලයක් හරහා ක්‍රිකට් පරිපාලනයටම භාර දිය යුතු නැද්ද?

මේ තත්ත්වය සමනය කර ගන්නට අවසානයේ 1973 දක්වා ඉතිහාසයට දිවෙන ක්‍රිඩා පණතෙන් ලැබිය හැකි දේ අවමයි.ඒ සඳහා අවශ්‍යය පදනම ඇත්තේ අයිසීසි ය සතුවයි.ලෝකයේ ඕනෑම ක්‍රීඩාවක එහි මව් පද්ධතියට එම ක්‍රීඩාව කෙරෙන රටක ඇමති යනු ඉතාම සරල පුංචි මානව රූපයක් විතරයි.ලෝකයේ දේශපාලකයාට ක්‍රීඩාව ඇතුළෙ හැදිලා තියෙන්නෙ පොඩි ඉඩක්.ශ්‍රී ලංකාවෙ සංස්කෘතිය ඇතුළෙ ආබාධිතයෙක්ට වගේ වාහනයේ දොර අරින්නත් මිනිස්සු පොරකන,මඟ දිගේ වැද වැටෙන,තමන්ට මල්ලක් උපයන්න තියෙන අවස්ථාවන් අහිමි කරපු දේශපාලනයේ නියෝජිතයා පස්සෙ ඇවිත් අල්ලක් පිරෙන්න යමක් දෙන කොට දෙයියෙක් වගේ සිතා අත් එකතු කරන වඳින සංස්කෘතියෙන් අන්ධ වූ දේශපාලකයන් “මං ඇමති,මට බලය තියෙනවා.” කියා සිතා ලෝකයත් එක්ක වැඩ කරන්න යාම විහළුවක් පමණි.

සමහර ක්‍රිඩාවලදි ජාත්‍යන්තර චරිත තමන්ට ඒ රටේ තියෙන දේශිය සංගමය එක්ක තියෙන අරියාදු ආවරණය කර ක්‍රිඩාවට හානි කරන්නට බලපෑම් කරන්නට ක්‍රීඩා ඇමතිවරුන්ව රටේ හැඩෙන් ප්‍රයෝජන ගන්නට අන්දන අවස්ථා තිබෙන්නට පුළුවන් වුව ද,එය ලෝකයේ ඇත්ත කොවේය.ඉහත කාරණයට උදාහරණයක් ලෙස ආසියානු රගර් සභාපතිවරයාගේ හැසිරීම ගත හැකිය.

අප විශ්වාස කරන්නේ දෙපිරිසම සිය ඊගෝව නඩත්තු කරන්නට දරන වෑයම ක්‍රිකට් හි තහනම ඉවත් කරන්නට දරණ වෑයමට වඩා සුවිශාල එකක් බවය.දේශපාලකයාට පණත් පිළිබඳව හැසිරීමේ බලය
එන්නේම තිරිංග නැතුවය.ඒවා වචනාර්ථයෙන් ගැනීම සහ ප්‍රායෝගික තැන පිහිටුවීම අතර ඇති දුර ගණනය කර ගැනීමට අවශ්‍ය බුද්ධිය මත යහපත හෝ අයහපත තීරණය වනු ඇත.ක්‍රීඩාවේදී ගෝඨාභය රාජපක්ෂ චක්‍රලේඛ මං කියූ සේ පණතේ බලය මට කියා හැම විටම වැඩ කරන්නට යාමට ප්‍රථම ජාත්‍යන්තර වශයෙන් ඇති විය හැකි බලපෑම් ගැන ද කල්පනාවට ගත යුතුය.

දැන් මේ විරෝධ ගලා යන්නේ මේ රටේ ජනතාව සිය ප්‍රකාශිත ජත්‍යාලයේ හැඩයේ මුග්ධ බව තේරුම් ගෙන නැවත ආ පස්සට ඇදගත් ඉතිහාසය අමතක කරමින්ය.ලෝකෙට ඕනි විදිහට අපිට ක්‍රිකට් මොකටද වැනි අතිශයින් නොමේරු තැනක සිට ජාත්‍යන්තරය ලංකාව වටා පැවතිය යුතුය යන විශ්වාසයේ සිටය.2005 සිට මහින්ද රාජපක්ෂ දේශපාලන සම්ප්‍රාප්තියේ සිට ඇරඹි මේ තත්ත්වය තදින් ප්‍රතික්ෂේප වූ බවක් මහාජන අරගල සමඟ දකින්නට ලැබුණත්,අතිශය සංවේදී සහ ජනප්‍රිය විෂයන් යටතේ නැවත ඊටම ගොදුරු විය හැකි අන්දම මේ වන විට අයිසිසිය රොෂාන් රණසිංහ ඉදිරියේ දණ ගැස්සීමට ඉදිරිපත් වන බලකායන් දුටු විට පැහැදිළිය.

මෙහි ලොකුම ගැටළුව හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා ද,ක්‍රීඩා අමාත්‍යවරයා ද එළියට එන ජනප්‍රිය තලයේ සාකච්ඡා වන කාරණා විගනන වාර්තාවන්ට,ඇමති ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉල්ලා සිටිය දේවල්වලට ආදි එකිනෙකා සම්බන්ධයෙන් වන අර්ථගැන්වීම් සහ චෝදනා කිරීමවලින් යුක්ත වුව ද,ඇත්තටම මේ ප්‍රශ්නය තිබෙන්නේ අයිසීසී නිතිමය සහ ප්‍රතිපත්තිවලත්,ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනතත් අතර තිබෙන විසංවාද මත මතු වී පෙනෙන නොගැලපීම් සමඟ නොවේද? එය නැවත නැවත ඇති විය හැකි තත්ත්වයකි.නමණීය නොවන බලය සම්බන්ධ යම් උන්මාදනීය හැසිරීමකට යටත්ව ක්‍රීඩා පනතේ හැම වගන්තියක්ම,වාක්‍යයක්ම තමන්ගේ හිසේ රැස් වළල්ලක් සේ දිස්නය දිය යුතුය යනුවෙන් සිතන ඇමතිවරයෙක් අතට පත් වූ විට ඔහු ජාත්‍යන්තර නීති ගැන සංවේදී නොවී තමන්ගේ බලය බැබලීමට පෙරට එන්නේය.පසුව රිවර්ස් ගියරයට පිවිසෙන තැනට වැටෙන විට විය හැකි හානිය වී හමාරය.

ඒ නිසා පාර්ලිමේන්තුව පැය ගණන් නාස්ති කර විපක්ෂ නායකතුමා ක්‍රිකට් වෙනුවෙන් මැරෙන්න යන කාරණය නවතා දමා ක්‍රිඩාව පන ගන්වන අන්දමට අපි ක්‍රීඩා පනත සකසමු ද යනුවෙන් පාර්ලිමේන්තුවෙන් අසන්නේනම් වැදගත්ය.

මේ කියන කාරණාවන්වල අඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය හමුව මෙන්ම අමාත්‍ය රොෂාන් රණසිංහගේ මාධය හමුව ද නරඹා තේරුම් ගන්නට උත්සාහ කරන ලෙස අපි ඉල්ලමු.එම වීඩියෝවන් නරඹද්දී තමන් එළැඹ තිබෙන නිගමනය මත ඊට නිවැරදිව සවන් නොදී විරෝධය කොටාගෙන යාමෙන් වැළකී එම විඩියෝ දෙකම හොදින් අවධානයෙන් අසාගෙන තේරුම් ගන්න.

“ඇත්තටම මේ ප්‍රශ්නය තිබෙන්නේ අයිසීසී නිතිමය සහ ප්‍රතිපත්තිවලත්,ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනතත් අතර තිබෙන විසංවාද මත මතු වී පෙනෙන නොගැලපීම් සමඟ බව ඔබට නොහැඟේද? එහෙනම් යළි යළිත් අහන්න.

ක්‍රීඩා අමාත්‍යතුමාගේ මාධය සාකච්ඡාව
https://web.facebook.com/hirunews/videos/1412655569676790

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය සාකච්ඡාව
https://www.youtube.com/watch?v=2eteEU872S8

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan