HNB වෙතින් රටේ ව්‍යවසායකත්වයට රුකුලක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන HNB PLC, වෙතින් ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 100ක් සඳහා ප්‍රදාන අරමුදලක් ලෙස රුපියල් මිලියන 10ක් වෙන් ඇත.

HNB විසින් පිහිටුවන ලද මෙම අරමුදලේ අරමුණ වන්නේ රු. තෝරාගත් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට, ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ නැවත ගොඩනඟා ගැනීමට හැකි වන පරිදි, රුපියල් 100,000 මුදලක් ලබාදී අවසානයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමයි..

ව්‍යවසායකයින්ට මූල්‍ය ගැටළු පැනනඟින කාලවලදී ඒ සඳහා සහය ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීමක් ලෙස 2020 වසරේදී ආරම්භ කර ඇති මෙම වැඩසටහන, මේ වනවිට දිවයින පුරා ව්‍යාප්තව ඇති අතර, ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් මිලියන 30 සිට 300 දක්වා විසිරී ඇත.

තවද මෙම අරමුදලෙන් සියයට 70ක් කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ වෙනත් කර්මාන්තවල ව්‍යවසායකයින් වෙත ලබා දීමට කටයුතු සලසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...