*
Friday, October 18, 2024
spot_img

Latest Posts

රෝහිත බෝගොල්ලාගම 20 දා ලන්ඩනයේ!

20 දා ලන්ඩනයේ…..!

අශෝක ජයතුංග

වොෂින්ටන් DC LNW : ලොව දරුණුම මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයන් පරාජය කල මානුෂික මෙහෙයුම සමයේ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා ලෙස අනූපමේය මෙහෙවරක් ඉටුකල රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නොවැම්බර් 20 දා ලන්ඩන් හිදී රාජකාරි ඇරඔීමට නියමිතය. ජනපති රනිල් අදාළ පත්වීම සිදුකොට තිබේ.

වෘත්තියෙන් නීතීඥයෙක් වන ඒ මහතා වර්ෂ 2000 දී මුල් වරට පාර්ලිමේන්තු පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

විදේශ ඇමති ලෙස යුද සමයේ ලෝකයම සමබර කරගැනීමේ අසීරු කාර්ය ඔහු ඉතා මැනෙවින් ඉටුකල නිසා ජාත්‍යන්තර බලපෑම් මැඩගෙන යුද ජයග්‍රහණය දක්වා ගමන් කිරීමට හා තිරසර සාමයක් ඇති කිරීමටත් ශ්‍රී ලංකාවට හැකිවිණ.

විදේශ ඇමතිධුරයට අමතරව ආයෝජන ප්‍රවර්ධන, කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුර හා නැගෙනහිර ආණ්ඩුකාර මෙන්ම ආයෝජන මණ්ඩල සභාපතිධුරය ද බෝගොල්ලාගම මහතා ඉසිලූ සෙසු තනතුරු අතර වේ.

ලන්ඩනයේ සිට බ්‍රිතාන්‍ය පමණක් නොව රටවල් 52 ක් පුරා විහිදෙන පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ද ලංකාවට අදාළ කටයුතු ගැන ක්‍රියා කිරීමටත් ලංකාවට ලබාගත හැකි වාසි ප්‍රයෝජන හා ආධාර ලබා ගැනීමටත් රටට එල්ලවන අභියෝග හමුවේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ පොදු රාජ්‍ය මණ්ඩල රටවල් සමබර කරගැනීමත් තම ඉලක්කය බව බෝගොල්ලාගම මහතා සඳහන් කරයි.

තවද බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපා රටවල් 27 තුළ  වෙසෙන සිංහල මෙන්ම දෙමළ මුස්ලිම් ඩයස්පෝරාව සමඟ ද අවබෝධයෙන් කටයුතු කොට ඔවුන්ගෙන් රටට ලබාගත හැකි සහාය ලබාගැනීම ද තම ප්‍රමුඛ අරමුණක් බව ද ඒ මහතා කියා සිටී.

විදේශ ඇමති සමයේ ලෝක නායකයන් පුබල මැති ඇමතිවරු හා ඉහළ පෙළේ නිළධාරීන් සමඟ බෝගොල්ලාගම මහතා ගොඩනගා ඇති රාජ්‍ය තාන්ත්‍රික හා පෞද්ගලික සබඳතා ද මෙහිදී ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු නිසැකය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan