හමාස් සංවිධානය සතු ආයුධ සහ උපකරණ තොගයක් අල්-ෂිෆා රෝහලෙන් හමුවෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් සංවිධානය සතු ආයුධ සහ උපකරණ තොගයක් සොයාගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලේ තිබී බවයි වැඩි දුරටත් ඔවුන් පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , ඔවුන් විසින් වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් කරමින් මෙය සඳහන් කර සිටි බවයි.

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රධාන රෝහලේ මෙහෙයුමක් දියත් කළ අතර , එය හමාස්ට එරෙහිව සිදුකෙරෙන ඉලක්කගත මෙහෙයුමක් බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානය රෝහල යටතේ උමං මාර්ගවල අණදෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එක්සත් ජනපදය පවසන්නේ මේ සඳහා සහාය දක්වන බුද්ධි අංශ තොරතුරු තමන් සතුව ඇති බවයි.

නමුත්, හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කරන අතර , රෝගීන් සහ කාර්ය මණ්ඩලය සමග සිවිල් වැසියන් සිය ගණනක් එහි නවාතැන් ගෙන සිටින බැවින් රෝහල වැටලීම යුද අපරාධයක් බවයි පවසන්නේ .

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයේ දිගු කරන ලද මානුෂීය විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යෝජනාවක් සම්මත කර තිබෙන අතර, ධවල මන්දිරය සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බව පවස‍යි. ඒ අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානියා පවසන්නේ රෝහල් යුද පිටියක් නොවන බවයි.

හමාස් සංවිධානයෙන් ඔක්තෝබර් 7 එල්ලවූ ප‍්‍රහාරයෙන් 1200ක් පමණ පිරිසක් මිය ගොස් 200කට වැඩි පිරිසක් ප‍්‍රාණ ඇපයට ගැනුණු අතර, ඉන් පසුව ඊශ‍්‍රායලය ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබීය.

හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ 4,500 කට වැඩි ළමුන් පිරිසක් ඇතුළුව 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කරයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර...