උපන්දිනය දා මහින්දගෙන් ඉඟියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (17) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාවක් පැවැත්වුණු බව වාර්තා වේ.

එහිදී ගැබිනි මව්වරුන් 420දෙනෙකුට දිවා ආහාරය හා ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ රු 5,000ක මුල්‍ය ආධාරයක් ලබාදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බව සඳහන් වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු රැසක් එම අවස්ථාවට සහභාගී වී අති අතර ,මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ පැමිණි ගැබිනි මව්වරුන්ට ආශිර්වාද කළ බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාව මාධ්‍යවේදීන්ට ආවරණය කිරීමට අවස්ථාව හිමිව නොතිබුණු බවද වාර්තා වේ.

නමුත්, පිංකමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් අසා ඇති අතර ,එහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තමන් ඒ බව නොදන්නා බවත් වෙනත් අයෙක් සංවිධානය කළ පිංකමකට තමන්ට ආරාධනා ලැබුණු බවයි.

මාධ්‍යවේදීන් මහමැතිවරණය ද ? ජනාධිපතිවරණය ද ? එන්නේ

හිටපු ජනපති මහින්ද“ඒක මං දන්නේ නෑ. මොක ආවත් අපි දිනනවා.”

මාධ්‍යවේදීන් දැන් කොහොමද සුදානම ?

හිටපු ජනපති මහින්ද“හොඳට සුදානම්.”

මාධ්‍යවේදීන්පක්ෂයෙන් නායකයෙක් දානවා ද? අපිට ඉඟියක් දෙන්න පුළුවන් ද?

හිටපු ජනපති මහින්ද“බලමු. ඒක කිව්වහම එළියට එනවා නේ.”

අයවැයෙන් ඔබතුමා ඉන්න කාලේ වගේ කිසිම දෙයක් නෑනේ.

හිටපු ජනපති මහින්ද – “අපිව එපැයි කිව්වා. දැන් අලුත් කට්ටියක් ඇවිත් ඉන්නවා අපි බලමු.”

ලෙස මාධ්‍යට හිටපු ජනපතිවරයා පිළිතුරු ළබ දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...