වතු කම්කරුවන් වෙනුවෙන් පැල්පත් නිවාස වෙනුවට අංග සම්පූර්ණ නිවාස 30ක්!

Date:

කොළඹ LNW: නුවරඑළිය,නානුඔය,ක්ලැරන්ඩන් වත්තේ ඉදි කරන ලද අංග සම්පුර්ණ වතු නිවාස 30 ක් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කර තිබේ.

එම වතු යායේ ඉතාමත් අඩු පහසුකම් සහිත පැල්පත් නිවාසවල ජීවත් වු වතු කම්කරු පවුල් 30 ක් සඳහා පානීය ජලය, විදුලිය, මාර්ග ආදී සියලුම යටිතල පහසුකම් වලින් සමන්විත මෙම නව නිවාස ලබාදීමට පියවර ගෙන තිබුණි.

මෙම සියලුම නව නිවාස සඳහා ස්ථීර තැපැල් ලිපියනයන් සහිත තැපැල් පෙට්ටියක්ද ස්ථාපිත කොට ඇති අතර, වතු යටිතල සංවර්ධන පහසුකම් අමාත්‍යංශය මගින් වතු නිවාස ඉඳි කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජතුරෙයි, ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක ඒ. පී. ශක්තිවේල් යන මහත්වරුන් හා වතු නිවාසලාභීන් ඇතුළු වතු කම්කරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...