සටහන – නිපුනි ලියනගේ
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එල් සැල්වදෝරයේ අගනුවර වන සැන් සැල්වදෝරයේ සෙනසුරාදා රාත්‍රියේ පැවති වාර්ෂික රූ රැජින තරඟයේ කූටප්‍රාප්තියේදී නිකරගුවාවේ Sheynnis Palacios 2023 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
තායිලන්තයේ Anntonia Porsild පළමු අනුශූරතාව හිමිකර ගැනීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියාවේ Moraya Wilson දෙවැනි අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
රටවල් 84 ක ජාතික තරඟාවලියේ ජයග්‍රාහකයින් මෙවර විශ්ව රූ රැජින තරඟාවලිය සඳහා තරඟ කර ඇති අතර, නිරූපිකාවක් වන Halima Aden, “Queer Eye” තරුව Carson Kressley, Tiktok හි තරුවක් වන Avani Gregg සහ හිටපු විශ්ව රූ රැජින ජයග්‍රාහකයන් දෙදෙනෙක් වබ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හි ජැනෙල් කොමිස් (Miss Universe 1977) සහ ප්‍රංශයේ අයිරිස් මිටෙනරේ (Miss Universe 2016) විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් විය.