නොරොච්චෝලේ අලුත්වැඩියාව තවත් කල් ඇදෙන ලකුණු

Date:

බිඳවැටීමට ලක්ව ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය දැනට අලුත්වැඩියා කරමින් පවතින අතර එය ක්‍රියාත්මක කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එමෙන්ම නඩත්තු කටයුත්තක් සඳහා නතර කර ඇති එම බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට එක්කිරීම සඳහා ද තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

ඒ, තෙවැනි යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර තිබුණ ද එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන අවස්ථාවේදී එය නැවතත් දෝෂයකට ලක්වීම හේතුවෙනි.

කෙසේවෙතත් මෙම තත්වය හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් නොවන බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

මීට පෙර ඔවුන් සඳහන් කර තිබුණේ දෙවැනි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියාව දින තුනකින් පමණ අවසන් වනු ඇති බවත් තෙවැනි ජනන යන්ත්‍රය ඉතාම ඉක්මනින් පද්ධතියට එක් කළ හැකි බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...