ෂර්මාගේ ලෝක කණ්ඩායමට ලංකාවෙන් ඩිල්ෂාන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලෝක කුසලාන තරගාවලිය නිමාවේ නම් කරන ලද ලෝක කණ්ඩායමේ නායකත්වය සඳහා ඉන්දීය නායක රෝහිත් ෂර්මාව නම් කර ඇත.එම කණ්ඩායමේ වැඩිපුරම සිටින්නේ ඉන්දිය ක්‍රීඩකයින්ය.ඔවුන් ගණනින් හයකි.ඉන්දියාව,ඕස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,නවසීලන්තය නියෝජනය කරන ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ඩිල්ෂාන් මධුශංක ද නම් කර ඇත.ඩිල්ෂාන් තරගාවලියේ වැඩිම කඩුලුලාභින් අතර තෙවැන්නා ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීම නිසා මේ අවස්ථාවට හිමිකම් කීවේය.


ඉන්දියාව නියෝජනය කරමින් ලෝක කණ්ඩායමට පැමිණ සිටින්නේ රොහිත් ෂර්මා,විරාට් කෝලි,කේ.එල්.රාහුල්,රවීන්ද්‍ර ජඩේජා,ජස්ටින් බුම්රා සහ මොහොමඩ් ෂාමි ය.පෞද්ගලික දක්ෂතා සළකා බලා නම් කරන මේ ලෝක කණ්ඩායමට හය දෙනෙක් සුදුසු වන්නට තරම් ප්‍රබල පිරිසක් ඉන්දියාව සතුව සිටිය ද,කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් එය යටපත් කර සූරතාවය දිනා ගන්නට හැකියාව තිබුණ ඔස්ටේලියාව නියෝජනය කරමින් මේ කණ්ඩායමට නම් කර තිබෙන්නේ ග්ලේන් මැක්ස්වල් සහ ඇඩම් සම්පා ය.


කණ්ඩායම් සංයුතිය දෙස බැලීමේදී ආරම්භක පිතිකරු භූමිකාව මෙන්ම කඩුල්ල පිටුපස වගකීම ද පැවරී ඇත්තේ ක්වෙන්ටම් ඩි කොක් ට ය.ඔහු දකුණු අප්‍රිකාවේය.නවසීලන්තය නියෝජනය කරමින් මේ කණ්ඩායමේ මැද පෙළට ශක්තියක් එකතු කිරීමට නම් කර තිබෙන පිතිකරුවා ඩැරල් මිචෙල් ය.
ඩිල්ෂාන් මධුශංක මේ කණ්ඩායමට එකතු වන්නේ ඔහු සහභාගි වූ පළමු ලෝක කුසලාන තරගාවලියේදී වීම වැදගත් සිඳුවීමකි.එසේම ඩිල්ෂාන් මේ තරගාවලිය නියෝජනය කළ ක්‍රිඩකයින් අයත් වන ප්‍රබල පාසල් කණ්ඩායම් නියෝජනය කරමින් දස්කම් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබූවෙක්ද නොවන්නේය.

ප්‍රධාන ධාරාවෙන් පිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කළ වැඩ සටහනකදී ශ්‍රී ලංකාව මේ දක්වා බිහිකළ සුපිරිම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් විසින් සොයා හඳුන්වා දුන් ක්‍රිඩකයෙක්ය.වාස් මෙන්ම වමත් වේග පන්දු යවන්නෙක් වන ඩිල්ෂාන් හුංගම විජයබා ජාතික පාසලේ ක්‍රීඩකයෙකි.තවමත් 23 හැවිරිදි වියේ පසුවන ඩිල්ෂාන්,වාස්ගේ ඇස නොගැටුණේනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව වෙත හඳුනා ගැනීමට, නිශ්චිත වූ දීප ව්‍යාප්ත දක්ෂයන් පෙරට ගැනීමට සහ හඳුනා ගැනීමට වැඩ පිළිවෙලක් තවමත් පෙනෙන්නට නැත.ඩිල්ෂාන් ගැන සතුටුවීමට වඩා මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතුව ඇත්තේ මේ තත්ත්වය පිළිබඳව බව අපේ විශ්වාසය වන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...