ලංකාවෙ එකක් ගලවා දකුණු අප්‍රිකාවට දෙති.

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):ශ්‍රී ලංකාවට හිමිව තිබූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රියා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ද ස්ථීර කිරීමට සාමාජික රටවල එකඟතාවය පළ වූ බව ද වාර්තා වේ.

මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුවේ මැදිහත්වීම සළකා,ජාත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිඳු වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා ද,විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ විශාල පිරිසක් සමඟ පාර්ලිමේන්තුවේ විශාල පිරිසක් ද චෝදනා කරමින් සිටියි.එය ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධි විධානවලට යටත්ව ක්‍රියාකරන බව පෙන්වා දෙයි.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ඇතුළු පිරිස විශ්වාස කරන අන්දමට මේ තහනම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මැදිහත්වීම බල පා තිබේනම්,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රටේ ඳපාර්ලිමේන්තුව විසින් ඇති කරන දේශපාලන වෙනස් කිරීම් පිළිගැනීමට අකමැති බව ආණ්ඩුව සහ පාර්ලිමේන්තු කණ්ඩායම අවබෝධ කරගත යුතුව ඇත.

ඒ නිසා පාර්ලිමේන්තුව ජාත්‍යන්තර සංගම්වල තීරණවලට අනුකූල වන ලෙස නමණීය වෙමින් ක්‍රීඩා පනතට අවශ්‍යය සංශෝධන සැකසීම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...