ලංකාවෙ එකක් ගලවා දකුණු අප්‍රිකාවට දෙති.

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):ශ්‍රී ලංකාවට හිමිව තිබූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රියා කර ඇත.

එසේම ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ද ස්ථීර කිරීමට සාමාජික රටවල එකඟතාවය පළ වූ බව ද වාර්තා වේ.

මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුවේ මැදිහත්වීම සළකා,ජාත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිඳු වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා ද,විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ විශාල පිරිසක් සමඟ පාර්ලිමේන්තුවේ විශාල පිරිසක් ද චෝදනා කරමින් සිටියි.එය ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධි විධානවලට යටත්ව ක්‍රියාකරන බව පෙන්වා දෙයි.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ඇතුළු පිරිස විශ්වාස කරන අන්දමට මේ තහනම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මැදිහත්වීම බල පා තිබේනම්,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රටේ ඳපාර්ලිමේන්තුව විසින් ඇති කරන දේශපාලන වෙනස් කිරීම් පිළිගැනීමට අකමැති බව ආණ්ඩුව සහ පාර්ලිමේන්තු කණ්ඩායම අවබෝධ කරගත යුතුව ඇත.

ඒ නිසා පාර්ලිමේන්තුව ජාත්‍යන්තර සංගම්වල තීරණවලට අනුකූල වන ලෙස නමණීය වෙමින් ක්‍රීඩා පනතට අවශ්‍යය සංශෝධන සැකසීම කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...