රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සඳහා මාර්ගෝපදේශට අනු කමිටුවක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම සඳහා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනු කමිටුවක් පත් කොට තිබේ.

මෙම පාර්ලිමේන්තු අනු කමිටුව නීතිඥ උදයන කිරිඳිගොඩ මහතාගේ සභාපතීත්වය යටතේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජේ. සී. අලවතුවල, මොහොමඩ් මුසාමිල්, චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න සහ ගුණතිලක රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වත් සාමාජිකයන් 14 දෙනෙක් ගෙන් සමන්විතයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය ජානක ප්‍රනාන්දු, කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ අශෝක ඩයස්, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය ශමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, සහ ආංශික අධීක්ෂණ කාරකසභා සභාපතිවරයාගේ උපදේශක ආචාර්ය කේ.ඒ. තිලකරත්න යන මහත්ම මහත්මීහු මෙම විද්වත් කමිටුවේ සාමාජිකයන් වෙයි.

ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම පිළිබඳ මූලික අදහස් හා යෝජනා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කර තිබේ.

පසුගිය කාලය තුළ විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවන ලද විවිධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා වන යෝජනා අනු කමිටු සභාපතිවරයා විසින් විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කෙරුණි.

ඒ යෝජනාද සැලකිල්ලට ගෙන අදාළ යෝජනාවලිය මේ වසර තුළදී සකස් කොට අවසන් කිරීමටද මෙහිදී විද්වත් කමිටුව එකඟතාවය පළ කළේය.

මෙරට රාජය සේවය පිළිබඳ මහජනතාව තුළ පවතින ආකල්ප පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.

අකාර්යක්ෂමතාවය,නිසි වගකීමක් නොමැති වීම,දුෂණ වංචා, ඇගයීමේ නිසි ක්‍රියාවලියක් නොමැති වීම,මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම මෙන්ම දේශපාලන මැදිහත්වීම් කෙරෙහිද එහිදී අවධානය යොමු වී ඇත,

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...