සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සඳහා භාෂා පුහුණුව මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවෙන්!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
සංචාරය ක්ෂේත්‍රයේ නියුතු පිරිස් සඳහා භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යංශය සහ පළාත් කාර්මාන්ත හා සංචාරක දෙපාර්තමේන්තුව දියත් කොට තිබේ.

ඒ අනුව ප්‍රංශ, චීන හා ජර්මන් භාෂා පුහුණුව මේ වන විට ආරම්භ කොට ඇති අතර හින්දි භාෂා පුහුණුව ආරම්භ කිරීම ඊයේ (20) මහනුවර දී සිදුවිය.

මධ්‍යම පළාත් කාර්මාන්ත හා සංචාරක දෙපාර්තමේන්තුව සහ ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය එක්ව නොමිලේ පවත්වන හින්දි භාෂා පාඨමාලාවේ සමාරම්භය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය.

මාර්ගත ක්‍රමයට හින්දි භාෂා පුහුණූව ලබා දෙන අතර සංචාරක මඟ පෙන්වන්නන් සඳහා මහනුවර ඓතිහාසික ස්ථාන පිළිබද මූලික දැනුමක් ලබාදීම මෙහිදී සිදුවේ.

සමාරම්භක අවස්ථාවට එක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා, දැනට ලක්ෂ දහයක් වූ සංචාරක පැමිණීම ලබන වර්ෂයේදී ලක්ෂ 15 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බවත් එහිදී මධ්‍යම පළාත් සභාවට සංචාරක මාර්ගෝපදේශනයේදී සැලකිය යුතු වගකීමක් හිමිවන බව කීවේය. ඒ අනුව ආසියානු රටවල සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස් මෙනවිය, ආණ්ඩුකාර ලේකම් මංජුලි මහඩපොල මහත්මිය, සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතා ද මධ්‍යම පළාතේ සංචාරක මඟ පෙන්වන්නන් සහ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු කරන ක්‍රියාකාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...