පේරාදෙණිය ඇතුලු අවදානම් යැයි නම් කර ඇති ස්ථානවල පදිංචිකරුවන් ඉවත් කිරිමට පියවර

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
නාය ගිය පේරාදෙණිය නගරය ඇතුලුව අවදානම් යැයි නම් කළ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ස්ථානවල පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

එක් අයෙකු මරණයට පත් කරමින් ඊයේ රාත්‍රී නාය ගිය පේරාදෙණිය කදු ගැටය පාමුල ව්‍යාපාරික ස්ථාන ද දැඩි අවදානම් යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කොට ඇතැයි ඒ මහතා තව දුරටත් පැවසීය.

මහනුවර කොළඹ මාර්ගයේ පේරාදෙණිය නගරයේ කදු ගැටයේ කොටසක් නාය ගොස් ව්‍යාපාරික ස්ථාන දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ඊට යටවී එක් අයෙකු මරණයට පත්ව ඇත. අනතුරින් මරණයට පත්ව ඇත්තේ අනුර ජයවීර නම් 68 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

පේරාදෙණිය පොලීසිය, යුද හමුදාව, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අංශය, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තම්න්තුව ඇතුලු ආයතන රැසක් එක්ව පේරාදෙණිය නගරය පිළීසකර කිරීමට එහිදී කටයුතු යොදා තිබේ.

මේ අයුරින් අවදානම් සහිත ස්ථාන පිළිබඳව අදාල අංශ හා පදිංචිකරුවන් දැනුවත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කළ බව ඉන්දික රණවීර මහතා කීවේය.

ඒ අනුව මැදදුම්බර රංගල පවුල් 15ක් ඉවත් කිරීමට අද පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...