වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් පසු සිව්දෙනෙකුට මරණ දණ්ඩනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අම්බලන්ගොඩ පොලිස් වසමෙන් පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් වාර්තා වේ.

බලපිටිය මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (22) වරදකරුවන් සිව්දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බව සඳහන් වේ.

ඒ, 2005 වර්ෂයේ දී පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් කඩු සහ පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර මිනි මැරීමට තැත්කිරීමේ අපරාධයක් සම්බන්ධයෙනි.

දෙහිවල, මොරටුව හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස මරණීය දණ්ඩනය නියම වී ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...