චීනයේ අත්භුත නියුමෝනියාවක් පැතිරේ – WHO

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
උතුරු චීනයේ දරුවන් අතර පැතිර යන අද්භූත නියුමෝනියාවක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.

මෙය බොහෝ දුරට දරුවන් අතර පොකුරු වාර්තා වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, දරුවන් අතර ව්‍යාප්ත වන නියුමෝනියා තත්වයන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු බීජිං වෙතින් ඉල්ලා නිල ඉල්ලීමක් සිදු කළ බවයි.

තායිවාන මාධ්‍ය ආයතනයක් වන එෆ්ටීවී නිවුස් මේ සම්බන්ධයෙන් වාර්තා කළේ, බීජිං, ලියාඕනිං සහ උතුරේ අනෙකුත් ස්ථානවල ළමා රෝහල් අසනීප දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බවත්, බලධාරීන් වසංගතයක් වසන් කරමින් සිටින්නේද යන්න සැක කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ එන්නත් යාවත්කාලීන කිරීම, වෙනත් පුද්ගලයින්ගෙන් දුරස්ථව සිටීම, අවශ්‍ය විට මුහුණු ආවරණ පැළඳීම සහ අසනීප වූ විට නිවසේ රැඳී සිටීම ඇතුළු ශ්වසන ආසාදනයක් වැළඳීමේ අවදානම අවම කිරීමට පියවර ගන්නා ලෙසයි.

COVID-19 ද 2019 අගභාගයේදී පැහැදිලි කළ නොහැකි නියුමෝනියාවක් ලෙස වාර්තා වූ අතර 2020 ජනවාරි මාසයේදී එම රෝගයෙන් පළමු මරණය වාර්තා වීමත්, වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 මාර්තු මාසයේදී එය වසංගතයක් ප්‍රකාශයට පත් කරණ ලදී. ඒ අනුව මෙම නියුමොනියාවද වසංගතයක්වනු ඇති බවට වසංගත රෝග විද්‍යාඥයන් සැක කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...