කැබිනට්ටුවේ අනුමැතියත් ලැබුණු ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය ගැන විශේෂ සාකච්ජාවක්!

Date:

කොළඹ LNW:විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වා තිබුණි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ඉන්දියානු මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා මෙරට විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය පලකිරීම සදහා අනුයුක්ත කර ඇති අතර ඔහු සමග කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් මහත්මිය, මානව සම්පත් කළමණාකාර කටයුතු වෙනුවෙන් සහය ලබා දීම වෙනුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙකු වන ඩබාසිස් මහපත්‍රා මහතාගේ සහයද ලබා දී ඇත.

ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මණ්ඩලය අනුමත කළ නව විදුලිබල පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනයේ සිදුවිය යුතු වෙනස්කම් එහිදී සාකච්ඡා කර ඇත.

පසුගිය සදුදා කැබිනට් මන්ඩල රැස්වීමේදී විදුලිබල මන්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම් සදහා අනුමැතිය හිමිවූ අතර ඒ අනුව නව විදුලිබල පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...