නිදහස් පලස්තීනය වෙනුවෙන් විරෝධතාවට ගිය ජන අරගලයේ 06ක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:නිදහස් පලස්තීනයක් පිළිගන්නා ලෙස බලකරමින් අද (24) පස්වරුවේ කොල්ලුපිටිය මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපිට දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජන අරගල ව්‍යාපාරය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඇමරිකානු – ඊශ්‍රායල් හවුලට එරෙහිවයි එය සංවිධානය කර තිබුණේ.

විරෝධතාවට ඉස්ලාම් ජාතිකයින්ද වැඩි දෙනෙක් සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබුණි.

විරෝධය අතරතුර විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

ඒ,විරෝධතාකරුවන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජායාරූප පිළිස්සීමට උත්සහ කිරීමේදීය.

පොලීසියේ මැදිහත්වීම නිසා මුල් අවස්ථාවේදී එම ජායාරූප පිළිස්සීමට නොහැකි වූ නමුත් දෙවෙනි අවස්ථාවේදී ජායාරූප පිළිස්සීම හේතුවෙන් එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.

පසුව ඔවුන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබුණු අතර එම ස්ථානයේ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම නිසා තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/628/We%20stand%20with%20Palasthine

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...