ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා අවසන් අදියරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡා ලබන සතියේ අවසන් වීමට නියමිත අතර,  ලබන 2024 වසරේ පෙබරවාරි මාසයේදී ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව නිල ආරංචි මාර්ග පවසයි.

මෙම  ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අනුව  තීරුබදු අඩු කිරීමේ ක්‍රියාමාර්ගය වසර 15ක කාලයකට වලංගු  වන පරිදි කටයුතු කෙරෙනු ඇත.

කැබිනට් සම ප්‍රකාශක සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ , මෙම නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වසර 15ක් තුළ ඉතාමත් වැදගත්  තීරු බදු වලින්  80%ක් ලිහිල් වන බවයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය 2023 දෙසැම්බර් වන විට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට අවසන් කිරීමෙන් පසු , පෙබරවාරි 4 වන දින  නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව 2024 පෙබරවාරි 3 වන දින ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.

තායිලන්තයේ වෙළඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චෝටිමා ලෙම්සාවාස්ඩිකුල් පැවසුවේ, අටවැනි වටයේ  සාකච්ඡා සඳහා තායි සහ ශ්‍රී ලංකා නිලධාරීන් මේ වසරේ නොවැම්බර් 27-29 හමුවීමට නියමිත බවත්, සාකච්ඡා සඳහා සියලු බරපැන  තායිලන්තය ලබා දෙන බවත්ය.

තවද , දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය දරන තවත් සාකච්ඡා වටයකින් සැලකිය යුතු තීරණයකට එළඹීම මෙම සාකච්ඡාවල අරමුණ බවද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන්  ජනගහනය මිලියන 22 ක් පමණක් වුවද, තායිලන්තයේ වෙළඳ සාකච්ඡා දෙපාර්තමේන්තුව විසින් කරන ලද අධ්‍යයනවලින් හෙළිව ඇත්තේ , රට ඉන්දියන් සාගරයේ වැදගත් භූගෝලීය ස්ථානයක් හිමිකරගෙන එය සමුද්‍ර ප්‍රවාහනයේ කේන්ද්‍රස්ථානයක්  බවයි. වටිනා ඛනිජ ලවණ සහ මුහුදු ආහාර වැනි ස්වභාවික සම්පත් රාශියක් ද දිවයින සතු වේ.

මෙම ගිවිසුමෙන් ප්‍රතිලාභ ලැබිය හැකි නිෂ්පාදන අතර මෝටර් රථ සහ වාහන උපාංග, යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ, ලෝහ, සීනි සහ ප්ලාස්ටික් ඇතුළත් වේ.

තායිලන්තයට ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන පුළුල් කළ හැකි කර්මාන්ත අතරට සැකසූ ආහාර, පාන වර්ග, රෙදිපිළි, ඇඟලුම් සහ ස්වර්ණාභරණ ඇතුළත් වේ.

තවද,  තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්වි-මාර්ග වෙළඳාම 2022 දී ඩොලර් මිලියන 358 ක් වූ අතර එය 2021 ට වඩා 16.5% කින් අඩු වී ඇත .

තවද , තායිලන්තය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 271 ක් වටිනා භාණ්ඩ අපනයනය කළ අතර ඩොලර් මිලියන 86.9 ක් වටිනා භාණ්ඩ ආනයනය කළේය.

මෙම වසරේ මුල් මාස නවය තුළ තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්වි- පාර්ෂවික  වෙළඳාම ඩොලර් මිලියන 285 ක් වූ අතර, එය වසරින් වසර 1.79% කින් ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...