ක්‍රීඩා ඇමති සහ ඔලිම්පික් කමිටුව අතර හමුවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා පසුගිය කාලය තුළ සිදුකළ වැඩ කටයුතු පිළිබදවත් මේවන විට සිදු කරමින් පවතින හා ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තුවන වැඩ සටහන් පිළිබඳවත් දැනුවත් කිරීම සදහා, ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයින්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මුණ ගැසිණි.ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මෙම හමුවේදී ක්‍රීඩා අමාත්‍යංශය මඟින් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව මඟින්ද ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයින් සමඟ සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේෂන් මහතා , ක්‍රීඩා අධ්‍යක්ෂක ආර්.බී.වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා,උප සභාපති කන්චන ජයරත්න මහතා, උප සභාපති සුරන්ජිත් ප්‍රේමදාස මහතා, භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා, කමිටු සාමාජික රිෆ්ඩි ෆාමි මහතා එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...