ක්‍රීඩා ඇමති සහ ඔලිම්පික් කමිටුව අතර හමුවක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා පසුගිය කාලය තුළ සිදුකළ වැඩ කටයුතු පිළිබදවත් මේවන විට සිදු කරමින් පවතින හා ඉදිරියේ දී සිදු කිරීමට බලාපොරොත්තුවන වැඩ සටහන් පිළිබඳවත් දැනුවත් කිරීම සදහා, ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයින්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මුණ ගැසිණි.ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මෙම හමුවේදී ක්‍රීඩා අමාත්‍යංශය මඟින් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව මඟින්ද ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සිදුකිරීමට සැලසුම් කර ඇති කටයුතු පිළිබඳවද අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයින් සමඟ සාකච්ඡා කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේෂන් මහතා , ක්‍රීඩා අධ්‍යක්ෂක ආර්.බී.වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා,උප සභාපති කන්චන ජයරත්න මහතා, උප සභාපති සුරන්ජිත් ප්‍රේමදාස මහතා, භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා, කමිටු සාමාජික රිෆ්ඩි ෆාමි මහතා එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...