වාසි පිට වාසි ගෙනෙන කළු සිකුරාදාවට ප්‍රංශයෙන් කොක්කක්!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
කළු සිකුරාදාව (Black Friday) යනු එක්සත් ජනපදයේ තුති පිදීමේ උත්සවයෙන් පසු එළැඹෙන සිකුරාදා දිනයයි. එය සාම්ප්‍රදායිකව එක්සත් ජනපදයේ නත්තල් සාප්පු සවාරි සමයේ ආරම්භය සනිටුහන් කරයි.

බොහෝ වෙළඳසැල් අධික වට්ටම් සහිතව වාසි රාශියක් පාරිභෝගිකයාට ලබා දීමට මෙදින කටයුතු කරයි.

කළු සිකුරාදා යනු එක්සත් ජනපදයේ වසරේ කාර්යබහුලම සාප්පු සවාරි දිනයයි.
එක්සත් ජනපද සිල්ලර වෙළෙන්දෝ කළු සිකුරාදා සහ සයිබර් සඳුදා ඉතා ලාභදායී නිවාඩු සාප්පු සවාරි දින ලෙස ප්‍රමුඛත්වය ගෙන සිටී.

ඉකුත් නොවැම්බර් 24 වන දින මෙම වසරේ කළු සිකුරාදා දිනය වශයෙන් සැලකූ අතර මෙම දිනය සමරමින් රටවල්වල් රාශියක සහනදායි මුදලට ඇඳුම් ආයිත්තම් වෙළඳාම් කිරීම සිදුවිය.

නමුත් ප්‍රංශයේ යම් මතභේදාත්මක සිදුවීම් සිදුවීමක් සිදුවිය.

එනම්, ප්‍රංශ රජය කළු සිකුරාදා අලෙවියේදී නව ඇඳුම් මිලදී නොගන්නා ලෙස ජනතාව දිරිමත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබීමයි. පාරිසරික සංක්‍රාන්ති සහ භෞමික ඒකාබද්ධතා අමාත්‍ය Christophe Béchu මෙම නොමග යැවීමේ ව්‍යාපාරය පිටුපස සිටි බවට අනාවරණය විය.

නමුත් එම පණිවිඩය රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු විසින් විවේචනයට ලක් කර ඇත.

මුදල් අමාත්‍ය Bruno Le Maire එය “වැරදි සංකල්පනයක්” ලෙස හැඳින්වූ අතර එය අවංක සහනදායි ව්‍යාපාරවලට හානි කරන බව පැවසීය.

කළු සිකුරාදා(Black Friday), සිල්ලර වෙළෙන්දෝ සැලකිය යුතු වට්ටම් ලබා දෙන හේතුවෙන් බොහෝ යුරෝපීය රටවල වසරේ විශාලතම සාප්පු සවාරි දිනයක් ලෙස ද හැඳින්විය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...