පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාව සමගි ජන බලවේගයේ පස්සර ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී සජබ මතයට පටහැණිව එම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම මීට හේතුවී ඇති බව සඳහන්.
ඒ අනුව, පස්සර ආසනයේ සජබ නව සංවිධායකවරයා වශයෙන් ලෙත්චුමන් සංජය මහතා පත්කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුට පිරිනමා ඇත.
RN