විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 289 දෙනෙකු වෙනුවෙන් රු. 7,440,000.00 ක් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් පැවැත්වූ බව වාර්තා වේ.

එහිදී , පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 57 දෙනෙකු වෙනුවෙන් රු.20,000.00 බැගින් රු.1,140,000.00 ක් ද, අපොස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 182 කු වෙනුවෙන් රු.25,000.00 බැගින් රු.4,550,000.00 ක මුදලක්ද පිරිනමන ලදී.

තවද, අපොස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපන දරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රු.35,000.00 බැගින් 1,750,000.00 ක මුදලක්ද පිරිනැමූ බවද වාර්තා වේ.

මෙම වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2065 දෙනෙකු වෙනුවෙන් රු. 53,945,000.00 ක මුදලක් පිරිනැමීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු යොදා ඇති බවද සඳහන් වේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් , කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසා ඇත්තේ, තම පවුලේ දූදරුවන්ගෙන් ඈත්ව රටේ ආර්ථිකය යහපත් කරන්න තම ජීවිතය කැපකළ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ අගය වැඩියෙන් දැනුනේ පසුගිය සමයේ විදේශ විනිමය හිගය හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වූ අවස්ථාවේදී බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...