රුසියා – යුක්‍රේන ප්‍රශ්නය නිසා මෙරට ජීවන වියදම දෙතුන් ගුණයකින් ඉහළ යයි. අපේ වරදක් නෙවෙයි – ජගත්

Date:

ජීවන වියදම ඉහළ යෑම ඉදිරි දින කිහිපය තුළ දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

“අතිශය බරපතළ කාරණාවකට තමයි මේ වනවිට ලෝකය මුහුණ දෙන්න පටන් ගත්තේ. රුසියාව විසින් යුක්‍රේනයට පහරදීමේ තත්වය. මේ තත්වය ලෝකයේ හැම රටකටම යම් යම් ආකාරයෙන්, ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන් බලපෑම් සිදුකරනවා. මේ තත්වය තුළ අපේ රටට විශේෂයෙන්ම රුසියාව සහ යුක්‍රේනය දෙකම අපේ හොඳ මිතුරෝ. එවැනි තත්වයක් තුළ අපට මේ රටවල් දෙකත් එක්ක තියෙන සම්බන්ධතා මේ යුධමය වාතාවරණයත් එක්ක ගිළිහෙන්න පුළුවන්. එවැනි තත්වයක් තුළ අපට අපේ නිෂ්පාදන, විශේෂයෙන්ම තේ යැවීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – රුසියාව විශාල වශයෙන් අපෙන් තේ අරගෙන අපට උදව් කරනවා, විවිධාකාරයෙන් සහයෝගය දෙනවා. යුක්‍රේනයත් විවිධාකාරයෙන් සහයෝගය දීලා තියෙනවා –

ඉතින් මේ රටවල් දෙකේ ප්‍රශ්නය අපිව තවත් බරපතළ අර්බුදයකට වට්ටයි කියන අවිනිශ්චිත තත්වයක් තියෙනවා. ලෝකයේ ගත්තත් තත්වය අවිනිශ්චිතයි, මේක ඊළඟ තවත් යුද්ධයකට දික් ඇදෙයිද කියන කාරණාවෙදි. ඩොලර් ප්‍රශ්නය ආවෙත්, ආර්ථික පරිහානිය ආවෙත්, ජීවන වියදම ඉහළ ගියෙත් අපේ විතරක් නෙවෙයි. දැන් මේ වියදම ඉහළ යන එක අද තියෙන තත්වය වඩා දෙතුන් ගුණයකින් වැඩිවෙනවා හෙට අනිද්දා වෙනකොට මේ රුසියාව සහ යුක්‍රේනය අතර ප්‍රශ්නත් එක්ක. එතකොට ආයෙ තෙල් මිල දැනටත් වැඩිවෙන්න පටන් ගත්තා, ගෑසුත් වැඩිවෙයි, ඒ වගේම ඩොලර් හිඟය අපට තවත් වැඩිවෙනවා අපේ නිෂ්පාදන යවාගන්න බැරිවෙනකොට. ඒ අර්බුද ඔක්කොම එනකොට ආයෙ මේ රටට බලපානවා. මේවා අපි දාගත්ත ඒවා නෙවෙයිනෙ. රුසියාවටයි යුක්‍රේනටයි ගහගන්න කියලා අපි කියලා නෑනෙ”

ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූ‍ලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...