උද්ධමනය ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023 නොවැම්බර් මාසයේදී , කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5 සිට 2023 නොවැම්බර් මාසයේදී සියයට 3.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ පැවති සියයට -5.2 සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට -3.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

2023 ඔක්තෝබර් මාසයේ දී 4.9% ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී 6.8% ක් දක්වා වැඩිවී ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...