හිටපු ඇමතිගේ නඩුවට මැදිහත් වෙන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අවසර

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පියවර ගත හැකි දැයි සොයා බැලීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුවට මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණු අතර ඊට අවසරය හිමිව තිබේ.

ධුරයෙන් ඉවත් කරනු ලැබූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර ඇත.

ඇය ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කරනු ලැබ තිබෙන අතර 2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විවේචනය කරමින් කතාවක් පවත්වා ඇති බවත්, මෙම කතාවේ අඩංගු කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර ඇති බව සඳහන්.

හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනාවලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතල හානියක්, අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි සඳහන් කර තිබේ.

මෙම නඩුව ලෆාර් තහීර්, කේමා සවර්ණාධිපති ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලූ අතර හිදියි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අදාළ අවසරය ලැබී තිබුණේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කියා සිටියේ තමන්ට කිසිඳු නොතීසියක් ලැබී නොමැති බවයි. ක්‍රිකට් නඩුවට පෙනී සිටි අය මෙයට පෙනී සිටීමෙන්ම මෙහි යටි අරමුණ පැහැදිලි වන බවත් ඔහු සඳහන් කරන ලදී..

පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොණු කරන ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතාට නියෝග කර පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියෝග කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...