ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්. ඩිජිටල් පහසුකම් සංවර්ධනයේදී ශ්‍රී ලංකාවට සහාය

Date:

දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව ලෝක ප්‍රකට ව්‍යාපාරිකයකු සහ සුපිරි ධනවතෙකු වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා පැවසීය.

ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) මහතා අතර හමුවක් ඊයේ (03) සිදු වූ අතර දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ගෝලීය අභියෝගය සහ නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමට අදාළ වැඩසටහන් සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම දැනටමත් සම්බන්ධ වී සිටින බවත්, ඉදිරියේදී එම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත් බිල් ගේට්ස් මහතා පැවසීය.

ශ්‍රි ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද බිල් ගේට්ස් මහතා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීම සඳහා සාමුහික කැපවීමක අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකාව විසින් COP28 සමුළුවට ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බිල් ගේට්ස් මහතා දැනුවත් කළ අතර ලෝකයටම අභියෝගයක් වී ඇති පාරිසරික ගැටළු විසඳා ගැනීම සඳහා වූ ගෝලීය ප්‍රයත්නයන් තුළ ඵලදායි කාර්යභාරයක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමේ දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ පුළුල් සහ ඵලදායී හවුල්කාරිත්වයක් ඇති කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ නියෝජිත පිරිස සාකච්ඡා කළහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...