‘මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය’ යටතේ අමරකීර්ති ඝාතකයන් සෙවීමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 2022 වසරේ මැයි 9 වැනිදා, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී ප්‍රථම වරට ‘මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය’ (facial recognition identification technology) මෙරට අධිකරණ පද්ධතියට ඇතුළත් කිරීමට නීතිපතිවරයා කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

2022 වසරේ මැයි 9 වැනිදා නිට්ටඹුවේදී ‘අරගලය’ උච්චතම අවස්ථාවකදී සිදු වූ ඝාතන සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ලබා ඇති විත්තිකරුවන් ධනාත්මකව හඳුනා ගැනීමට මෙම තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇත.

සිකුරාදා ගම්පහ මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක ප්‍රසන්න බණ්ඩාර අධිකරණයට දන්වා සිටියේ නඩු විභාගය අතරතුර නීතිපති දෙපාර්තමේන්තුව නව තාක්ෂණය හඳුන්වා දෙන බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක ප්‍රසන්න බණ්ඩාර මහතා කියා සිටියේ, මෙමගින් සිද්ධියට අදාළ CCTV දර්ශන විශ්ලේෂණය කිරීමටත්, එම දර්ශනවල දක්නට ලැබෙන අයගේ මුහුණු චූදිතයන් සමඟ ගැළපේ දැයි පරීක්ෂා කිරීමටත්, විත්තිකරුවන් අපරාධයට සම්බන්ධ දැයි හඳුනා ගැනීමටත් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන බව ඔහු පැවසීය. අපරාධයට වගකිවයුත්තන් ධනාත්මකව හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීම සහතික කිරීම මෙහි අරමුණ බවයි.

විත්තිකරුවන් හතළිස් එක් දෙනෙකුට චෝදනා 14ක් යටතේ අධිචෝදනා ගොනු කර තිබේ. විත්තිකරුවන් දෙදෙනකු මියගොස් ඇති අතර තවත් දෙදෙනකු නොපැමිණීම සම්බන්ධයෙන් විභාග වෙමින් පවතී. විත්තිකරුවන්ගෙන් එක් අයෙක් විදේශගතව සිටින බව දන්නා අතර අනෙක් පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. කෙසේ වෙතත් විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටියි. මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

කෙසේ නමුත් සිකුරාදා අධිචෝදනා පත්‍ර කියවීමෙන් පසු සියලුම විත්තිකරුවන් නිවැරැදිකරුවන් බව පිළිගෙන ඇත.

නවීන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය පදනම් වී ඇත්තේ convolutional neural Network ලෙස හඳුන්වන විශේෂිත ස්නායුක ජාලයක් මතය. මුහුණු සැකිලි ගැලපීම සඳහා, සංවෘත ස්නායුක ජාල සෑම රූපයක්ම පියවර කිහිපයක් හරහා සකසයි. මුහුණු හඳුනාගැනීම (Face detection),මුහුණත පෙළගැස්වීම (Face alignment),සැකිලි නිස්සාරණය (Template extraction),සැකිලි ගැලපීම (Template matching). මෙම නව ස්නායුක ජාලයේ වර්ධනය අනුව, මුහුණු හඳුනාගැනීමේ නිරවද්‍යතාවය ඉහළ බව තහවුරුව තිබේ.

වර්තමානයේ, මෙම මුහුණු හඳුනාගැනීමේ තාක්‍ෂණය ස්මාට් දුරකතන, පරිගණකමය ආදී ලොව පුරා පුළුල් පරාසයක යෙදුම් (applications) නිර්මාණයට යොදා ගෙන ඇත. මෙම තාක්ෂණය භාවිතා කරමින් සැකකරුවන්ගේ අපරාධ හඳුනාගැනීම, ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් ඇතුළත් කිරීම්, ලියාපදිංචි කිරීම් හා ප්‍රවේශ පාලනය, ආරක්ෂාව සහ නිරීක්ෂණ, අනන්‍යතා වංචා වැළැක්වීම ,ගුවන් තොටුපල මෙහෙයුම්, මූල්‍ය සේවා සත්යාපනය, ස්මාර්ට් දුරකතන අගුළු හැරීම ආදීය වෙනුවෙන් යොදාගැනීම් සිදුකෙරෙමින් පවතී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...