සුනම්‍ය සුමින්ද සමුගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): සුමින්ද සිරිසේන ශ්‍රී ලංකාවේ සිටි සුපිරිතම රංගධරයෙකි.ඔහු ඔහුට ලැබෙ චරිත වෙනුවෙන් සුනම්‍යව සුමින්දව සඟවා තබා චරිත ජිවත් කළ රංගධරයෙකි.ඔහු දඟලන සුළු රංගවේදියෙකු නොවිණි.ඔහු රඟන විට දැඟළුවේනම් ඒ පන දෙන චරිතයම පමණක් විය.ඉතාම සියුම්ව චරිතය වෙනුවෙන් පූර්ණ ලෙස දමනය වන සහ නමනීය වන සුමින්දයන්,එහි චරිතයට අදාළ දේශපාලනික ඉඟි මෙන්ම සමාජමය ලෙස චරිතයේ අනන්‍යතාවය වැදගත් අතිශින් සියුම් වූ චලනයන්ද සමඟ චරිත හැටියට හදවත ගැඹුරේම ඒවා තැන්පත් කරන්නට අවශ්‍යය සංයමය හා දැණුම තිබුණ රංගධරයෙකි.මේ සඳහා අන්දරේලා හී සුමින්දයන් රඟ දක්වන රජ්ජුරුවන්ගේ චරිතයම වුවත් ප්‍රමාණවත්ය.එහි ඔහු සිය ගමනේ සිටම සෑම චලනයක්ම ජන මනසේ බැදි ඇති දේශපාලනික සබඳතා සමඟ පාහන සියුම් විලාසය අපූරුය.
රසකාමියෙකු වන තරමටම සුමින්ද සිරිසේන නැණයෙන් සහ ගුණයෙන් ද පෝෂණය වූවෙකි. ජීවිත කාලය පුරාවට ඔහු කැපූ වලවල් ගැන,ද්වේශය හෝ කුහක ලෙස හැසිරීම් පිළිබඳව රහසින් වූ ගෙතුණු කතා ඇසි නැත. රංගනය ගැඹුරෙන් හදාරන්නට වෙහෙසෙන අයෙක් තරමටම සුමින්ද සිරිසේන සමාජය සහ දේශපාලනය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් සහිතව සිය කලා කටයුතුවලදී ඒවා තාර්කිකව මෙහෙයවීමට දැන උන්නේය.
හාස්‍යය රංගනයේදී වුව, අපට සිනාසෙන අතරේම ඔහු ප්‍රකට කළේ චරිතය අභ්‍යන්තරෙයෙන් ස්වභාවිකව නැඟී එන දෙබස් සහ හැසිරීම්ය.ඔහු සැමවිටම අතිශයින් සූක්ෂම වූ අතර චරිතය සිරුරේ අලවා තිබෙන තොරොම්බරල් ලෙස නොපෙනෙන්නට ආත්මයෙන්ම චරිතය පමණක් මතු කර සුමින්ද සිරිසේනව යටපත් කර දැමීමට සමත්කම් පෑවේය.
ජීවිතයේ අභාග්‍යසම්පන්න ලෙස ඔහු දීර්ඝ කාලයක් රෝද පුටුවකට සීමා කළේ වින්දනාත්මක ප්‍රේක්ෂක මනසේ අභාග්‍යයකටය.ඒ නිසා පරම්පරාවක්ම පාහේ සුමින්ද සිරිසේන මතකය සහ ඉදහිට ඔහු ටෙලි තිර මත පෑ හපන්කම්වල මතක හැරෙන්නට ඔහු වඩාත් සමීපව විඳ ගන්න හැකි වේදිකා රංගයක පහස ලබන්නට අභාග්‍යවන්තයෝ වූහ.එතරම්ම සුමින්ද සිරිසේනගේ රංග කාර්යය විඳ ගන්නට පැබීම භාග්‍යයකි.එය සියුම් තරමටම ගැඹුරු ද වන මතුපිටින් සරල සේ පෙනෙන සංකීර්ණ හැදෑරීමක ප්‍රතිපලයක් සේ මතුවන යථා රංගයකි.
නමුත් ඒ මතක සමඟ රෝද පුටුවක හරි දකින්නට තිබුණ රූප කායත් යළිත් නොපෙනෙන්නම යන දවස උදා වී ඇත.එය නොවැළක්විය හැකි ගමණකි.නමුත් හිත හදාගන්නට අමාරු සොදුරු මිනිසෙකුගේ සහ සජීවී විඳ ගන්නට සැළස්වූ පරම්පරාවක් විසින් භාවිතයට ගත් අධ්‍යයනය කළ රංග පාසලක නෂ්ඨාවශේෂ බවට පත් වීමේ ඛේදවාචකයකි.මහා දැවන්ත රංග ප්‍රතිභාවකින් සමාජය සුවපත් කළ දැනුවත් කළ ආදරණිය කලාකරුවා රටේම ආචාරය නොඅඬුව ලැබිය යුතු පරමාදර්ශි රංගන ශිල්පියෙකි.අපි ඔබට සමුදීම වෙනුවෙන්,ගෞරව පූර්වක ශිර්ෂ ප්‍රනාමය දක්වන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...