ග්‍රාමීය දරුවන්ට ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට ඒමට අත දිය යුතුයි – ශාන්ත බණ්ඩාර

0
233

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්, ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතු බව, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රීඩා ගුරුවරු පාසල්වලට බඳවා ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර, පාසල් ක්‍රීඩා ගුරුවරු සඳහා, ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලා සහ පුහුණුවීම් ලබා දෙමින් සියළුම ක්‍රීඩා සම්බන්ධව අව‌බෝධයක් ලබා දිය යුතු බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ , ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනුයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??