ක්‍රීඩා සංගම් දේශපාලකයන්ට ලියන්නෙ නැහැ ඔවුන් ලියන්නේ මව් සංගමයට – හරීන් ප්‍රනාන්දු

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ජාතික ක්‍රීඩා සංගම් සිය මව්සංගම්වලට දේශපාලන අතපෙවීමක් වන බව ලිවීම සාමාන්‍ය සිඳුවීමක් බවත්,ඔවුන් එය දේශපාලකයන්ට ලියා නොදන්වන බවත් ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යංශය සම්බන්ධ අයවැය විවාදයේ පිළිතුරු කතාවට එක්වෙමින් පැවසීය.ශ්‍රී ලංකා ක්‍රිකට් අයිසීසීය වෙත ලිවීමත්,පාපන්දු සම්මේලනය ෆිෆා ආයතනය වෙත ලිවීමත් සාමාන්‍ය සිදුවීමක් පමණක් බව අමාත්‍යවරයා පැවසීය.මෙහිදී හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ යම් විනිවිද භාවයක් ඇති කිරීමට උත්සාහ බව තමන් පිළිගන්නා බවත්,නමුත් ජාත්‍යන්තරය දැනුවත් කර එහි අවසරය ලබා ගැනීමේ දී යම් අඩුපාඩු සිදු වී ඇති බව තමන්ගේ පෞද්ගලික මතය බවත් හරීන් ප්‍රනාන්දුගේ අදහස විය.


හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්ුවේ සහය ලැබුණ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පණතක් ගෙනවිත් එය සම්මත කර ගන්නට තිබුණ බවය.ඒ නිසා සියල්ලට එකතු වී මේ තත්ත්වයන් වෙනස් කිරීමට හැකි බව අමාත්‍යවරයා විශ්වාස කරන බව මෙන්ම පත් කර ඇති කැබිනට් උප කමිටුව මේ වන විට වැදගත් තීරණ ගණනාවක් ගෙන ඇති බව දැන ගන්නට ලැබී තිබෙන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


එසේම ක්‍රිකට් ක්‍රීඩා නොකරන ක්‍රීඩා සමාජවලටද ඡන්ද බලය ලැබී තිබීම ගැටළුවක් බව පැවසූ අමාත්‍යවරයා නමුත් එය ක්‍රිකට්වලට සීමා නොවුණු සෑම ක්‍රීඩාවතටම පාහේ බලපාන ප්‍රශ්නයක් බවත් පෙන්වා දුන්නේය.එසේම සෑම ක්‍රීඩා සංගමයකම පාහේ සිටින නිලධාරීන් මැරෙන තුරාවට එම ක්‍රීඩාව අත් නොහරින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් ඒවා තුළ සිටින්නේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොව ටුවර් යාම සඳහා යැයි ද පැවසීය.මේ කරුණු සළකා ක්‍රීඩා පණත වෙනස් කිරීමේ අවශ්‍යයතාවය අමාත්‍යවරයා තදින් අවධාරණය කළේය.


පහතින් ඇත්තේ අමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව ඇතුළත් හඪ පටියය.

https://we.tl/t-aSr8KRJICo

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය