රාජපක්ෂවරුන්ට එරෙහි තවත් නඩුවක්?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජ්‍යක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු යැයි තීන්දු කළ ග්‍රේෂ්ඨාධිකරණය තීරණයට අනුව සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව ඉදිරියේදී වන්දි නඩු ගොනු කිරීමට ක්‍රියා කරන්නේ යැයි එහි ලේකම් මිලින්ද ප්‍රේමරත්න පැවසීය.

එවක පැවැති පාලනය හා බලධාරීන් ගත් වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ලබා දුන් මෙම තීන්දුව අනුව වන්දි නඩු පැවැරිය හැකි බවට දැනටමත් නීති විශාරදයන් සිය මතය පළ කර ඇති බැවින් ඒ අනුව මෙම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ යැයි ඔහු සඳහන් කර තිබේ.

මෙම නඩු සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක පැවැරිය හැකි බවට නීති උපදෙස් ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්, ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෑස් අනතුරුවලින් පමණක් පුද්ගල මරණ දහයකට වඩා සිදු වූ නමුත් අදටත් රජය ඊට සාධාරණය ඉටු කර නැතැයිද ඔහු චෝදනා කර තිබේ. ගෑස් පිපිරීම් ඇතුව විවිධ අංශවලින් පසුගිය පාලන කාලයේදී ආර්ථික අපරාධ රැසක් සිදු වී ඇති බවත්, ඒවාට එරෙහිව මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශවලින් කිසිදු පලක් වී නොමැති බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...