රටේ ඩොලර් සංචිත වලට මොකද වුණේ? මහ බැංකුවෙන් පිළිතුරු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය ඔක්තෝබර් මාසය අවසානය වන විට, මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය 2022 වසරේ එම කාලයේදී මෙරට දළ නිල සංචිත අනුපාතය අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක්ව පැවැතිණි.

මහ බැංකුව පෙන්වා දෙන්නේ, ඒ අනුව දළ සංචිත ප්‍රමාණය මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම් මේ වසරේ දළ නිල සංචිතයට ඇතුළත් වේ.

චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ඊට අයත්ය. එය භාවිත කිරීම යම් යම් කොන්දේසිවලට යටත්ව සිදු වන බව ද මහ බැංකුව පවසයි.

මේ වසරේ ඔක්තෝබර් මාසය තුළ දී ශුද්ධ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දේශීය, විදේශ විනිමය වෙළෙඳ පොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 108ක් මිල දී ගෙන තිබෙන බව ද සමස්තයක් වශයෙන් මහ බැංකුව 2023 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා කාලපරිච්ඡේදය තුළ ශුද්ධ පදනම මත ඩොලර් බිලියන 1.7ක් මිල දී ගෙන තිබෙන බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...